(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් පොලිස් පරීක්ෂකවරියක්ගෙල පැලැඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලයකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු කඩාගෙන පලාගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි.

කඩා ගත් මෙම පෙන්ඩනය සහිත රන් මාලයේ වටිනාකම රුපියල්222,500වන බවපොලිස් පරීක්ෂකවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පොලිස් පරීක්ෂකවරිය මහනුවර පරිගණක   අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනනිලධාරිනියක් බව පොලිසිය කියයි.

මේ අතර  තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩාවැදුණු නානඳුන පුද්ගලයින් දෙදෙනෙකුඑම නිවසේ සිටි75 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකට සහ  තවත් කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර අත් පා ගැට ගසා ඔවුන් පැළඳ සිටි රන් භාණ්ඩකොල්ල කාගෙන  පලාගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

රුපියල්33,500වටිනා බ්‍රේස්ලට් එකක් සහ රුපියල්225,000 රත්තරන් මුද්දත් මෙසේ කොල්ලකා ඇති බව තංගල්ල  මූලස්ථාන පොලිසියේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට අමතරව නිවසේ තිබූ රුපියල්24,000ක මුදලක් ද මුදලක්ද කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.