(සනත් ගමගේ )

හුංගම  ගුරුපොකුන  කලපුවට  මසුන්   ඇල්ලීමට ගිය  පුද්ගලයෙක් අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි  හුංගම පොලීසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුංගම මැද එලිය පදිංචි බන්දුල සංජීව නැමැති(45) හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
කලපුව අවට ලඳු කැලෑ ප්‍රදේශයේ වල් ඌරන් ඇල්ලීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මොහු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවමූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
.