
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා එරට සංචාරක හෝටලයක සේවය කළ අයකු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටියත් දකුණු කලාපයේ සිටින්නේ සුළු පිරිසක් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.
අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වුවහොත් ඔහුගේ තොරතුරු රතු කුරුස සංවිධානයට ලබා දෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැවසුවේය.
ඊශ්‍රායලයේ සහ පලස්තීනයෙහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් සටන්කාමින් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය අනාගතයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට තක්සේරු කළ පෙරහුරුවක්; මෙයපිටු පස සමස්ත මැදපෙරදිග මුස්ලිම් අන්තවාදයම සහ එම අන්තවාදයට රහසිගතව උපකාර කරන රාජ්‍ය ද ඇතුලත් නො වනවායැයි නොකිය හැක. අනාගතයේ ඊශ්‍රායලයට මෙයට වඩා සිය දහස්ගුණයෙන් ප්‍රබල සැලසුම් සහගත ආක්රමනයන්ට මුහුණදීමට සිදු වේවි. එහිදී න්‍යෂ්ටික හිස සහිත මිසයිල වරුසාවන්ට මුහුණදීමට සිදු වේවි. දැනටමත් මැදපෙරදිග ඇතැම් රාජ්‍ය න්‍යෂ්ටික බලයෙන් ශක්තිමත්. ඉරානය නො තකා හැරිය නො හැක. නෙටෝවට විරුද්ධ රුසියාව, උතුරු කොරියාව අඩුව පූරණය නො කරාවියයි නො සිතිය හැක. චීනය ද එහි බර ගනීවි. න්‍යෂ්ටික හිස් සහිත රොකට් සහ මිසයිල වර්ෂාවකට ඊශ්‍රායලය මුහුණ නො දුන්නොත් තමයි පුදමය! පෙර අත් හදා බැලීම සාර්ථකයි. හමාස් සංවිධානය සහ පලස්තීනය බිල්ලට යාවි.
පසුගිය සතියේ චූන් .මේ සතියේ වැඩි චූන් වෙලාද.අද මැරුණත් හිතට සැපයි පසුගිය සතියේ චූන් දමලා