(ඉන්දිකා රාමනායක)
පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්න මහතාට දෙවැනි වරට ලබා දී තිබු මාස 3 ක කාලය හෙට (9) දිනෙන් අවසන් වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
පසුගිය ජුනි මස 09 දින සිට බැලපැවැත්වෙන පිරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සේවා දිගුව ලබා දී තිබුණි.
ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට මාස 3 ක සේවා දිගුවක් ලබා දී තිබුණි.
පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.
පොලිස්පතිවරයාගේ සේවා ධුරය අවසන් වීම නිසා පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද නැතහොත් සී. ඩී. වික්‍රමරත්න මහතාට නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ඇමතිගේ අකාර්යක්ෂම භාවය පේනවා නේද? පිස්සුම ආන්ඩුවක්.
රටේ නීතිය පසෙකලන ආණ්ඩුවට ඕන විදිහට නීතිය අඹරන නවන කෙනෙකුව පත් කරාවි
මෙතුමා නම් ආවා... වැඩේ කළා. නම්බුපිටින් හරි දවසට යනවා. හැබැයි ඊ ගාවට මේ පුටුවට එන්න හදන අයට නම් පුටුව දාලා යන්නේ නෑ.
අද යයිද? හෙට යයිද? මෙයාද? වෙන කෙනෙක්ද? රනිල් වගේ දුර්වල කෙළින් තීරණයක් ගන්න බැරි කෙනෙක් නිසා රට වැටිලා තියෙන තැන පේනවා නේද? මේ අපි කතා කරන්නේ නගර සභාවේ කුණු ට්රැක්ටර් රියදුරෙක් ගැන නෙවෙයි. රටේ පොලීසිය බාර නිලධාරීන් ගැන. ඒකවත් වෙලාවට කරගන්න කොන්දක් නෑ.