අතුරුදන් සෙබළාගේ සිරුර දින 6කට පසු ඇළකින් හමුවෙයි ඝාතනය කරන ලද බවට සැකකරන යුධ හමුදා සෙබලෙකුගේ දියවිගිය මළ සිරුරක් ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබි හමුවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 21 August 2023
ඇසළ පෙරහර බලන්න සූර්යා වෙතින් Q.R කේතයක් කන්ද උඩරට මහා මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර මෙවරද මහත් අභිමානයෙන් අද (21) සිට ලබන 31 දක්වා වීථි සංචාරය කරයි. දින 10ක් පුරා පැවැත්වෙන පෙරහර මාර්ගය මර්ග ගත ක්‍රමයට එදිනෙදා දැන ගැනීම සඳහා ‘‘සූර්යා‘‘ වෙතින් QR code එකක් ලංකාදීප පුවත්පත මගින් ඔබ අතට ලබා දෙයි. එම QR code එක ඔස්සේ දින පතා පෙරහර මාර්ගය පහසුවෙන් ඔබට දැන ගත හැකියි. 21 August 2023
අනවසර විදුලි රැහැනේ ගැටී දෙදරු පියා මරුට පල්ලෙකැලේ බලගොල්ල,බෝගහපිටියේ කුඹුරක් ආසන්නයේ ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී 43 හැවිරිඳි දෙදරු පියෙකු මියගොස් ඇතැයි පල්ලෙකැලේ පෙලීසිය කියයි. 21 August 2023
බස්නාහිරට සබරගමුවට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 August 2023
මනාලයාගේ පාස්පෝට් එක බල්ලා කාලා ඉතාලියේ මංගල උත්සවය සැලැසුම් කර, ඉතාලියට යෑමට සූදානමින් සිටින ඇමෙරිකන් තරුණයකුගේ ගමන් බලපත්‍රය ඔහුගේ බල සුරතලා සපා කා විනාශ කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. 21 August 2023
පදික මාරුවේදී කතක් යට කර රිය පලාගිහින් පානදුර නගර මධ්‍යයේ ගාලුපාරේ පදික මාරුවෙන් අද(21) උදෑසන මාර්ගය හරහා ගමන්කළ කතක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 21 August 2023
කැන්ඩි ක්‍රීඩකයෝ එල්.පී.එල්. ශූරතාව දිනති ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 ශූරතාව දිනාගැනීමට වනිඳු හසරංග නායකත්වය දැරූ බී - ලව් කැන්ඩි පිල අද (20) සමත් විය. 21 August 2023
සංචාරක ප්‍රවර්ධනයට අත දෙන අයට රජයෙන් පහසුකම් මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්රමුඛ ක්ෂේත්රය වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන සඳහා වැදගත් තීන්දු තීරණ රැසක් වෙනුවෙන් රජය ප්රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 August 2023
ගම්පහ සමුළුවට හිටපු දිසාපති හා ලේකම්වරු එකතු වෙති ජාතික ජනබලවේගයේ ගම්පහ ආසන සමුළුවට හිටපු දිසාපති සහ අමාත්‍යංශ ලේකම් දූර දැරූ තිලක් හපන්ගම , ටී.එම්. අබේවික්‍රම සහ ධර්මසේන දිසානායක යන මහත්වරු ද එක් වූහ. 20 August 2023
ගිනි ගත් ෆෙරාරි රථය කෝටි 60කට අලෙවි වේ මීට වසර 63 කට පෙර පැවති මෝටර් රථ තරඟයකදී ගිනිගෙන දැඩි ලෙස හානියට පත් වූ ෆෙරාරි වර්ගයට අයත් මෝටර් රථයක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 60 ක පමණ)මුදලකට අලෙවි වී ඇත. 20 August 2023
පොඩ්ඩෝ ඇල්ලූ ගවයන් ලොක්කෝ මුදා හරිති බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ එලගවයන් අට දෙනකු ප්‍රවාහන කළ පුද්ගලයකු හරක් හත් දෙනකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගෙන නඩු පැවැරිමට සූදනම් කරද්දී උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ නියෝගයෙන් හරක් සහ සැකකරු මුදා හැර ඇත. 20 August 2023
පවුල් හැටදාහක් අනාථයි දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක බලපැවැත්වෙන අධික නියග තත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව හැට දහස් නව සිය අනූවක් (60900) දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. 20 August 2023
බිංගිරියේ සිට මාරයා උණවටුනට ඇවිත් සිසුවා බිලිගනි බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ සංචාරයකට පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක සිසුවෙකු උණවටුන රුමස්සලදී සිදුවු අනතුරකින් අද සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 20 August 2023
කුඩාවැල්ලේ වෙඩි තැබීමකට නාවික භටයකු අත්අඩංගුවට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඉකුත් (15) දින රාත්‍රියේ බහුදින යාත්‍රා ස්කීපර් වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවා වශයෙන් කටයුතු කළ නාවික හමුදා භටයකු විශේෂ කාර්ය බලකාය මගින් බලපිටිය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 20 August 2023
ජනපති සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යයි. 20 August 2023
පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව මේ රට මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 20 August 2023
කෝටි 20 ක් වංචා කළ යුවළ දැලේ සිංගප්පූරුවේ සමාගමකට ආයෝජනය කර ලාභාංශ ලබා දෙන බව පවසා රුපියල් කෝටි 20 කට අධික මුදලක් හා රන් පවුම් 150 ක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 20 August 2023
මැතිසබා සේවිකාවන්ට සාරිය අන්දයි පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී දැනුම් දෙනු ලැබ ඇත. 20 August 2023
මත්පැන් හලේ ගුටි ඇනගෙන අයෙක් මරුට වව්නියාව පූන්තොට්ටමු ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී අද (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 20 August 2023
වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 August 2023
අතුරුදන් ගුවන් සෙබලා හමුවේ යුද අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා අද පස්වරුවේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි. 20 August 2023
රේගු නිලධාරීන්ගේ නව සභාපති සංජීව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට ජේ. ජී. ඒ. සංජීව මහතා පත්විය. එම සංගමයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි. 20 August 2023
කිලිනොච්චයේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි කිලිනොච්චිය , පරන්තන් හි නිවසක ළිඳක් පිරිසිදු කිරීමේදී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (20) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 20 August 2023
රුසියන් යානය සඳට කඩා වැටේ රුසියානු ’රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය වසර 47 කට පසු සඳට යැවූ ’ලූනා 25’ චන්ද්‍ර යානය, සඳට පතිත කිරීමට උත්සාහ ගනිද්දී සඳට කඩා වැටුණේය. 20 August 2023
රේගුවේ නමින් වංචා ඉහළ ගිහිල්ලා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු සහ විස්තර භාවිතා කර ජනතාව රවටා මූල්‍ය වංචා කිරීම ඉහළ ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 August 2023
’හාල් හිඟයක් නොවුණත් මිල වැඩි වෙයි’ ඉදිරි කාලයේ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 20 August 2023
ලූණු කිලෝවක් 200 පනී ඉන්දීය රජය ලූණු මත සියයට 40 ක අපනයන බද්දක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ලූණු මිල ඉහළ ගොස් ඇති බව මෙරට ආනයනකරුවෝ පවසති. 20 August 2023
ආනයන සීමා ඉවත් කිරීම පරිස්සමින් විදේශ සංචිත ගොඩලඟා ගැනීමට භාණ්ඩ 3,000 කට වැඩි සංඛ්‍යාවකට ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් බිංදුවට වැටී තිබූ විදේශ සංචිත මේ වන විට ඩොලර් කෝටි 300 ක් දක්වා ඉහළ දමාගැනීමට හැකිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 20 August 2023
හිටපු මාණ්ඩලික ප්‍රධානී ජාජබ වේදිකාවේ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය. 20 August 2023
වරෙන්තුකරු වෙඩි තබා අල්ලයි චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අලදෙනිය පොලිස් නිලධාරීන්ට පහරදී පැනයාමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 20 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026