IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තුව වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කොළඹ ගුවන් ගමන් තොරතුරු  කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන් යානා සඳහා ගුවන් සංසරණ ගාස්තුවක් පැනවීමට හැකිවන පරිදි 1981 වර්ෂයේදී ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි පනවනු ලැබ ඇත.

එකී රෙගුලාසි පසුගිය කාල සීමාවේ සංශෝධනය කර නොමැති බව රජය පවසයි.

බැවින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රතිපත්ති හා වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එකී රෙගුලාසි 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි වශයෙන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇත.

එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



අදහස් (5)

කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තුව වැඩි කරයි

Perera Tuesday, 10 October 2023 12:12 PM

ගුවන් හමුදාව ගුවන් මාර්ග බාධක දාගෙන නීතිය කඩන ගුවන්යානා අල්ලාවිද දන්නේ නැහැ

:       8       3

Ranga Tuesday, 10 October 2023 01:51 PM

ඔව් ඔබලාගේ ගෙදර වහලේ උඩ තමයි, මාර්ග බාධකේ දාන්නේ. මෝඩකම තිබ්බට කියවන්න එපා.

:       1       7

jayasekara Tuesday, 10 October 2023 05:00 PM

ලංකාවට තියෙන ආදායමත් නැති කරගන්න යන්නේ... හරියට අපේ ගාස්තුව වැඩිකරනවා වගේ...!

:       2       0

සුරංග Tuesday, 10 October 2023 07:32 PM

රාත්‍රි කාලයේ මිනිස්සු යටකරගෙන, හප්පාගෙන අහසේ වගේ යන ඩිපෙන්ඩර් හා රාත්‍රියේ බලපත්‍ර නැතුව වැලි ප්‍රවාහනය කරන ටිපර්රථ වලටත් රාත්‍රියේ ප්‍රධාන ලාම්පු අවපාත නොකර ධාවනය කරන සියලුම වාහන සඳහා පවතින දඩමුදල් විශාල වශයෙන් වැඩිකළොත් රජයට ලොකු ආදායම් ලබන්න පුළුවන් වේවි...!

:       0       1

Chandima Tuesday, 10 October 2023 11:48 PM

ඔවුන් පෙට්‍රල් ගැලුමක් වැඩිපුර ගහගෙන වටෙන් යයි. අන්තිමේ හමු වූ සොච්චමත් නැතිවෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site