රත්මලාන වෙඩික්කරු ආ යතුරු පැදිය අඟුරුවාතොට ඇළකට දමලා රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්හේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී හමුවූ බව පොලිසිය කියයි. 22 August 2023
ලෙස්ටර්ගේ සම්මානය හොරා මහනුවරදී කතකගේ බෑගයක් උස්සද්දී මාට්ටු මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට තැත් කළ ලියාපදිංචි අපරාධකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 August 2023
පිපාසයෙන් සිටින ජනතාවට සහන සලසන්න වියළි කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය. 22 August 2023
ලංකාව හොරු හත්දෙනෙක් පාලනය කළ රටක් ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. 22 August 2023
ශ්‍රී ලංකා ණයවර ලිපිවලට ජාත්‍යන්තර ගැටලුවක් පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 22 August 2023
කතා පවත්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 August 2023
ජනපති සිංගප්පූරුවේ දී ගිවිසුමකට අත්සන් කරයි පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුලත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දී අත්සන් කළේය. 22 August 2023
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ගහලා යාපනය මාණිප්පායි සන්දිලිප්පායි උතුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුලුවූ නාදුනන පිරිසක් විසින් නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ගිනිතබා පලා යාමෙන් දේපල රැසකට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි. 22 August 2023
අයි නාලිකාවේ යටි මඩියෙක් යැයි ඔප්පු කළොත් ගෙදර යනවා රූපවාහිනී අයි නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 August 2023
රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ හදිසි විගණනයක් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. 22 August 2023
රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නෑ රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නැති නිසා රටේ ජල කළමනාකරණ ප්රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 August 2023
ලංවිම බඳවාගැනීම් - ස්ථිර කිරීම් අත්හිටුවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සමගාමීව මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව බදවාගැනීම් සහ ස්ථිර කිරීම නොකළ යුතු බවත් එක් එක් සිද්ධියට අදාලව විදුලිබල අමාත්‍යාංශයේ අවසරය ගතයුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයේ ප්‍රධානීන්ට දන්වා තිබේ. 22 August 2023
භූගත ජලය භාවිතයේදී කල්පනාකාරී වන්න වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසීය. 22 August 2023
’ඕනම පනතකට යෝජනාවකට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්’ ඕනෑම පනතකට යෝජනාවකට එරෙහිව ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිම බාධාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 22) පැවසීය. 22 August 2023
අන්තිම දවසේ ලොකුපුටුවට ගිය ලංවීම නිලධාරිනිය ගැන සොයයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියක විශ්‍රාමයෑමට පෙරදින උසස්වීම් දීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ. 22 August 2023
කරාපිටියේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නැවතිලා දකුණු පළාතේ ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා සේවය අවසන් කොට විදේශ ගතවී තිබෙන බැවින් හෘද රෝග කැතීටර් සැත්කම් නතර වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 22 August 2023
තායිලන්තයට ආ සැණින් තක්ෂින් අත්අඩංගුවට දූෂණ වංචා චෝදනා හේතුවෙන්, වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිට වී විදේශගතව සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්රා යළි තායිලන්තයට බලා පැමිණියේය. එසේ පැමිණි සැණින් ඔහු අත්අංගුවට ගෙන අධිකරණයට යොමු කර පසුව බන්ධනාගාරයට යැවිණි. 22 August 2023
පාරිභෝගික අධිකාරිය පොලිස්පතිට කියයි පාරිභෝගික අධිකාරියේ බව පවසමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වලට සහ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන් කරමින් මුදල් ඉල්ලා තර්ජනය කිරීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණි කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය. 22 August 2023
භීෂණය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා මාතලේ රත්තොට වත්තක ජනතාව පලවා හැරීමේ සිද්ධිය නොවිය යුතු දෙයක් බවත් එම සිද්ධියට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 August 2023
මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යූරියා අඩුවට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 August 2023
වත්තේ සිද්ධියෙන් මැතිසබේ උණුසුම් වෙයි මාතලේ රත්තොට රජයේ වත්තකින් පවුල් තුනක 14 දෙනකු වතු ප්රධානියකුවිසින් භීෂණය පතුරුවමින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා පලවා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 22 August 2023
තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක් තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තුළ අද (22) අලුයම හටගත් ගින්නකින් කාර්යාල උපකරණ රැසකට හානි සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 22 August 2023
මොරගහකන්දත් සිඳෙයි:යට වූ ගම්මාන යළි මතුවෙයි මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහල යාම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගමම්මාන නැවත මතු වෙමින් පවතී. 22 August 2023
‘‘අදත් ලොකු වැස්සක් නෑ‘‘ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 August 2023
‘‘අවුරුදු පහට අඩු දරුවනට හරියට පෝෂණයක් නෑ‘‘ ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරු දරුවන්ගෙන් සියයට 15 කගේම උසට සරිලන බර නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය ප්‍රකාශ කළාය. 22 August 2023
කතකට අවමන් කළ දුම්රිය ලොක්කා කවුද ගම්පහට නුදුරු දුම්රිය ස්ථානයක ප්‍රධානියක් සහ ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියකු ප්‍රසිද්ධියේ අවමන් කරමින් බැන වැදුණැයි එම කාන්තාව නිලධාරීන් දෙදෙනාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 22 August 2023
බංගලාදේශ ණයෙන් කොටසක් ගෙවයි විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 22 August 2023
පාස්කු ප්‍රහාරයෙන් පසු ඇල්ලූ ආයුද මුහුදේ ගිල්වයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය. 22 August 2023
මාළු ගබඩාවේ විෂ දුමින් සේවකයෝ 30ක් රෝහලට දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක අද සවස හතරට පමණ හදිසියේ ඇති වූ බව කියන කිසියම් විෂ දුමාරයක් නිසා රෝගාතුර වූ සේවිකාවන් 30 පමණ වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 21 August 2023
විදුලිය දෙන්න දිනකට වැඩිපුර කෝටි 80 ක් නියඟය හේතුවෙන් ජලවිදුලි ජනනය පහත බැසීම නිසා තාප විදුලි නිෂ්පාදනයට දිනකට රුපියල් කෝටි 80 ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 21 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026