
(අංජුල මහික වීරරත්න)
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි .
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයෝ 152ක් මීට එක්වූහ.එහි කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි.
අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවේ පුතේ , ළමා පාර්ලිමේතුවේ පලවෙනි අංගය විදිහට ඔක්කොම එකතුවෙලා විශ්වාස බංගයක් ගෙනල්ල රටම ණය උගුලේ පටලවපු ඔය ජනදිපතිව අයින් කරන්න
මේ දරුවන්ගෙන් කී දෙනෙක් ද අනාගත වෘත්තිය ලෙස දේශපාලනය තෝරාගෙන තියෙන්නේ...?
දුවේ, පුතේ ඕනෑම දෙයක් ඉගෙනීමෙන් වරදක් සිදුනොවේ. එකම එක දෙයක් පමණක් කිසිම දිනක ඉගෙන නොගන්න. ඒවා නම් හොරකම, වංචාව, දූෂණය, මැරකම විතරක් ඉගෙන නොගන්න. දැනට පාර්ලිමේන්තුවට යෑමේ සුදුසුකම් ඒවා වේ...
අනේ මන්දා මේවා..!
ඕවා කිසිම තේරුමක් නැති වැඩ... කාලය කා දැමීම විතරයි... මානව ධර්ම කැලේ...
මේකෙන්වත් රනිල් මොනවාහරි ඉගෙනගත්තොත් හොඳයි...!