
(මනෝප්‍රිය ගුණසේකර)
කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ ආරක්ෂක කැමරා දර්ශන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රදර්ශනය කෙරිණී.
අධිකරණ ශාලාවේ සකස් කරන ලද තිරයක් මඟින් අදාළ සී සී ටී වී දර්ශන ප්‍රදර්ශනය කරමින් ඊට අදාළ සාක්කි සටහන් කරගනු ලැබු විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින ලෙස ජනමාධ්‍යයට නියම කළේය.
වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළක්වාලන නියෝගයක් ජනමාධ්‍යයට නිකුත් කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොටවත්ත යනු බැසිල් ට කඩේ යන, රාජපක්ෂලාගේ සාක්කුවේ සිටින, හමුදාවේ සිට අධිකරනයට පැමිණි පුද්ගලයෙකු බවට තොරතුරු තිබේ.
බං ගොණ්ඩෝ... ජෙප්පා වුනාට තප්පුලන්ට එපා බං.. හෝදපු මොළගෙඩිය පරිස්සං කර ගනිං.