
(අංජුල මහික වීරරත්න)
විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
ඊට අදාළ ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya මහත්වරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අද (11) අත්සන් කළහ.
මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාල විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම පාසල්වල උසස් පෙළ වලත් ඔය කියන භාෂා සහ තාක්ෂණික පාඨමාලා පටන්ගත්තා නම් පාසල් ඉවරවුණු ගමන්ම ඒ රස්සාවල යවන්න පුළුවනි .නැතිනම් ජපානේ ගිවිසුමත් ඉවර වෙනකල් මෙහෙ එක්කෙනෙක්ටවත් යන්න බැරි වෙනවා