(එච්. චන්දන )
ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.
දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ ඔහු කුරුණෑගල - දෙමටගහ පැළැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවු ඩී.පී. සමීර සදරුවන් ප්‍රේමසිරි (29) නම් අයෙකි. ඊයේ( 10 ) සවස මෙම අතුරුදහන්වීම සිදුවී ඇති බව පොලීසිය කියයි.
ඉගිනිමිටිය ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අයි.එම්.එස්.පී.සුමනදාස යන අය විසින් පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබේ.
මෙම සැළසුම් ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමක් ඊයේ (10) සවස ඉගිනිමිටිය වැව් තාවුල්ලේ අනවසරයෙන් සිදු කරන වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගිය බවත්,එම අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා මෙම සැළසුම් ශිල්පියා ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බවටත් වාරි මාර්ග ඉංජිනේරුවරයා පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.
ප්‍රදේශයේ ධීවරයින් විසින් අතුරුදහන්වූ සැළසුම් ශිල්පියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සිරුර සොයා ගැනීමට හැකිවී නැත.
වැව් තාවුල්ලේ සිදු කරන අනවසර වගාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අයෙකු ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව නවගත්තේගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව... කොළඹ නගර සභාවේ ඉන්න බොහෝ ඉන්ජිනේරුවෝ කියාගන්න ඈයෝ, ටී.ඕ ලා සහ සැලසුම්ශිල්පියො කරන කූට කටයුතු අත්විඳින සියල්ලන් ඔවුන්ට බොහෝ විට හිතින් නිවන් සුව පතනවා...!
මේ මනුස්සයා තනිවමද යවලා තියෙන්නේ...?