(සුජිත් හේවාජුලිගේ )
නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්ව විද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවන බව පැවසූ රාඝවන් මහතා විශ්ව විද්‍යාල වල නවක වදය වැළැක්වීම සඳහා සඳහා ජාතික කමිටුවක්ද පත් කරනු ලැබ ඇතැයි සඳහන් කළේය.
නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වාදී ඇති අතර එම අංකය සඳහාද පැමිණිලි ලැබීමෙන් පවතින බව ඔහු පැවසුවේය. මෙම අංකයට ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන පවත්වන බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේවාසිකාගාර වෙනුවට සිසුන්ට මුදල් ලබා දෙන්න...
හොඳ වැඩක්, අඛණ්ඩව කරගෙන යන්න. නවක වද කියන්නේ තිරිසනුන්ට අයිති වැඩ... ලෝකයේ කොහේවත් ඔහොම වෙන්නේ නැහැ.
හොඳ පියවරක්.
පෙරටු සහ ජවිපෙ ත්‍රස්තවාදී නවකවද කරුවන්ගෙන් මෙරට සරසවි බේර ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට රටේ පොදු මහා ජනතාව එකඟතාව පල කරනු ඇත.
අපි 1991 වසරේදී ජපුර සරසවියේ බාහිරව උපාධිය කරන්න පටන් ගත්තා. ඒ දවස්වල බාහිර ශිෂ්‍යයින්ට වසරකට වරක් සරසවිය ඇතුලේ දේශන පවත්වන්න පටන්ගත්තා. ඒකට ඔය අන්තරේ අය විරුද්ධ වුණා. අපිටත් රැග් කරන්න පටන් ගත්තා. පසුව අදාල දේශණ සහ විභාග මරදාන ටෙක් එකේ තියන්න පටන් ගත්තා. පසුව මේ කාලකන්ණි ටෙක් එක අවුස්සලා වැඩේ අවුල් කරන්නත් උත්සාහ කළා. නමුත් බැරි වුණා. ඉතින් මෙයාලා දැන් සිල් අරගෙන වගේ රඟපෑමක් කරනවා. නොදන්නා එකා මේ ලණුව කනවා. ඇමැතිතුමා බොහොම හොඳ වැඩක්... මෙන්න මේ පිලිලය සරසවි වලින් තුරන් කරන්න...
කොන්ද පන ඇති දෙමව්පියෝ මිත්‍රයෝ ඉන්නවානම් ඔය නවක වද වෙන්නේ නැහැ .ඕවා කරන නායකයෝ අඳුනාගෙන ඕකෙන් එලියට තනියම ආව වෙලාවට උස්සන් ගිහින් සුපිරි වැඩක් දෙන්න ඕනේ ආයේ දත් වලින් බත් කන්න බැරි වෙන්නේ .ඔහොම දෙයක් අපි කළා 1999 වසරේ .අපේ මිත්‍රයෙක් වෙනුවෙන්
මැක්ස්, ඔය කියන කණ්ඩායම් දෙක මේ රටේ පාලනය ගත්තොත්, හෝඩියේ ඉඳන් නවක වදේ පටන් ගනී.
මොවුන් දරිද්‍රතා පවුල් වලින් විශ්වවිද්‍යාල වලට ආ හිඟන කොල්ලෝ කෙල්ලෝ. මොවුන් අනිත් ළමයින් ඊර්ෂා කරනවා. JVP ය බලයට ආවොත් මේ හිඟන ජෙප්පන්ගෙන් මුළු රටටම නවකවදය ලැබෙනවා. මීට ප්‍රධාන හේතුව උසස් අද්‍යාපනය නොමිලේ දීමයි.
දිනෙන් දින ඉහළ සුදුසුකම් ලත් විද්වතුන් රට හැර යති. ශිෂ්‍යාධාර සහ මහප්ලෝ යන දෙකම සිසුන්ට දැන් අහිමි වී ඇත. බහුතරයක් සිසුන්ගේ වර්තමාන ජීවන තත්ත්වය දකිද්දී දුකයි. සමහර ශිෂ්‍යයන් අපිව බලන්න ඇවිත් කෑම කන්න සල්ලි පවා ඉල්ලනවා. රැග් කරන්නන් සිටී නම්, ඔවුන්ට දඬුවම් කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ පද්ධතියෙන් නෙරපා දැමිය යුතුය. නමුත් දැනට සිදුවෙමින් පවතින්නේ මේ කපටි දේශපාලකයින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පිරිහීමට ලක්වන තත්ත්වය වසන් කිරීම සඳහා රැග් කිරීම ගැන ඝෝෂා කිරීමකි.