
(යොහාන් භාසුර)
මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ විය .
එම සංගමයේ 100 වැනි සංවත්සර උත්සවය උත්කර්ෂවත් අයුරින් කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්විණි.
1923 වර්ෂයේදී සිලෝන් රේල්වේ ස්ටේශන් මාස්ටර්ස් යූනියන් ලෙස ආරම්භ කළ එම වෘත්තීය සමිතිය පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ලෙස නම් කෙරිණි.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර සියයක් පිරීම නිමිති කරගෙන වැඩසටහන් රැසක් පැවැත්වූ අතර බොරැල්ල දුම්රිය ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංගයක්, ක්‍රිකට් තරගාවලියක් සහ මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම එම වැඩසටහන් අතර විය. මෙරට පැරණිතම රාජ්‍ය සේවක වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සාමාජික සංඛ්‍යාව දහසකට අධිකය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ 10000 වැනි ස්ට්‍රයික් එක සමරනවා කියලා...
අවුරුදු 100ක් ගියත් පාඩු පිට දුවන්නේ සුද්දා හදපු රේල් පීල්ල, සුද්දා හදපු ස්ටෙෂන් ටික, සුද්දාගේ නාම පුවරු, ඉන්දියාවේ නැත්තං චීනේ එංජින්, කොච්චි පෙට්ටි සමඟ දුෂිත - අකාර්යක්ෂම දුම්රිය සේවය. ඔය උත්සවයට යන කොටි ගාණත් අපේ පොකට්
මුන්ට ගූ ගහන්න ඕනේ අහිංසක මිනිස්සුන්ට කරන අපරාධවලට
දුමරිය වෘත්තීය සමිතිය මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් උවත් දිනපතා දුමරියවල ගමන් කරන මගින් නම් කියන්නේ වෙන කතාවක්
ජනතාව පීඩාවට පත් කරන, තවත් එක් රාජ්‍ය සේවක කණ්ඩායමක් ඔවුනගේ අකාර්යක්ශමතාවයේ සියවන සංවත්සරය සමරයි....