
( ප්‍රසාද් රුක්මල් )
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 5 කණුව නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (8) අලුයම මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුළු ඔයට පෙරලී ගොස් අතැයි පොලීසිය කියයි.
ඇල්ල සිට පස්සර බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙසේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්‍රපාතයකින් පහළ වැටී බදුලු ඔයට පෙරලි තිබේ.
අද (8) අලුයම 1.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර වාහනය ජලයේ පාවෙමින් තිබියදී හිමිකරු මෝටර් රථ යෙන් ඉවතට විත් අදුරේම අනතුරුදායක ලෙස මහත් වෙහෙසක් දරා බදුලු ඔයේ සැඩදියපහරෙන් දිවි බේරාගෙන ගොඩට පැමිණ ඇතැයි පොලිසිය සදහන් කළේය .
දිවි බේරාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ක පමණ අයෙකි. පවතින අධික වර්ෂාවත් සමඟ මේ දිනවල බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd