(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් ඇතිවීමත් දෙපාර්ශවය අතර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.
ප්‍රචණ්ඩත්වය වහා නවත්වන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවත් තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
ටෙල් අවීව් සහ රාමල්ලා හි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
මේ දක්වා ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවනි, මේවා අපට අදාළ ප්‍රශ්න නොවේ... අපට මේවා විසඳන්නත් බැහැ.. කරුණාකර කට වහගෙන ඉන්න.
ඔන්න වෙලාවට කතා පවත්වා ඉන්නේ නැතිව වැඩකාරයින්ට මාධ්‍යයට පැනලා අර්බුදයට විසඳුම් හොයන්න.
හමාස් සටන්කාමින් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය අනාගතයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට තක්සේරු කළ පෙරහුරුවක්; මෙයපිටු පස සමස්ත මැදපෙරදිග මුස්ලිම් අන්තවාදයම සහ එම අන්තවාදයට රහසිගතව උපකාර කරන රාජ්‍ය ද ඇතුලත් නො වනවායැයි නොකිය හැක. අනාගතයේ ඊශ්‍රායලයට මෙයට වඩා සිය දහස්ගුණයෙන් ප්‍රබල සැලසුම් සහගත ආක්‍රමනයන්ට මුහුණදීමට සිදු වේවි. එහිදී න්‍යෂ්ටික හිස සහිත මිසයිල වරුසාවන්ට මුහුණදීමට සිදු වේවි. දැනටමත් මැදපෙරදිග ඇතැම් රාජ්‍ය න්‍යෂ්ටික බලයෙන් ශක්තිමත්. ඉරානය නොතකා හැරිය නොහැක. නෙටෝවට විරුද්ධ රුසියාව, උතුරු කොරියාව අඩුව පූරණය නො කරාවියයි නො සිතිය හැක. චීනයත් පිටිපස සිට ගනීවි. න්‍යෂ්ටික හිස් සහිත රොකට් සහ මිසයිල වර්ෂාවකට ඊශ්‍රායලය මුහුණ නො දුන්නොත් තමයි පුදමය! පෙර අත් හදා බැලීම සාර්ථකයි. හමාස් සංවිධානය සහ පලස්තීනය බිල්ලට යාවි.
අන්න හරි .තදින් ඉන්න ඕන මේවගේ වැඩවලට .නැතුව බෑ
අපි මොකටද කනස්සල්ලට පත්වෙන්නේ?