ලොව ලස්සනම යුවැත්තිය සොයන තරඟයට පෙර සූදානම් ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම සඳහා තරගකරුවන් තෝරා ගැනීමේ අවසන් වටයේ තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 22 වැනිදා පැවැත්විණ. එහිදී වියානා කුරේ මෙනවිය( වයස 18 -29 අතර අවිවාහක ), ජයනි පෙරේරා මෙනවිය( වයස 30ට වැඩි අවිවාහක) 24 September 2023
එතෙර ලොකු ආයෝජකයන්ට ලොකු සහානයක් දෙන්න යයි ඇමෙරිකානු ඩොලර් මිලියන 50 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16) කට වැඩි ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට අවුරුදු දෙකක බදු විරාමයක් ලබා දීමටත් තීරු බදු රහිතව වාහන ගෙන්වීමටත් අවස්ථාව ලබා දීමටත් රජය සළකා බලමින් සිටි. 24 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ රන් පදක්කම් සටනට එති චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත් විය. 24 September 2023
‘සොරකම් කළාට ගහන්න අයිතියක් නෑ-පොලීසිට කියන්න’ සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට පහර දීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළගම ඇති පොලිසිය දැනුවත් කර පොලිසියට බාර දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටියි. 24 September 2023
ගම්පොළ ලංගම බසයක ත්‍රාස ජනක පැහැර ගැනීමක් මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් ලංගම රියැදුරකුට පහරදී වෑන් රථයක දමා ගෙන පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසිය පවසයි. 24 September 2023
සජිත්ගෙන් මිහින්තලේට කෝටියක සෝලා ලාම්පු දෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආලෝකකරනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික සෝලා ත් විදුලි පහන් තොගයක් පරිත්‍යාග කළේය. 24 September 2023
විගණකාධිපතිවරයාගේ විශ්‍රාම දීමනාව ඉහළට විශ්‍රාමික විගණකාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප සමග දෙන රුපියල් 25,000 ක දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇත. 24 September 2023
සාදය මරණයෙන් කෙලවර වෙයි මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. 24 September 2023
නීලගිරි සෑයෙන් මතු වූ අතීතයේ ශ්‍රී විභූතිය ඵෙතිහාසික නීලගිරි සෑයේ සිදුකරන සංරක්ෂණ පාදාගැනීමේ කටයුතුවලදී මැටියෙන් නිමකල ඉපැරණි මංජුසාවක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 24 September 2023
ලක්ෂ 12 මැණික කොල්ල කෑ අයට වැඩ වරදී කටුගස්තොට වට්ටාරන්තැන්න ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 12ක නිල් මැණිකක් අලෙවි කිරීමට සූදානමින් සිටියදි පොලිස් වෙසින් පැමිණ මැණික කොල්ලකෑ කොල්ලකරුවෙක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි. 24 September 2023
ජාතික රෝහලේ ලයිට් ගැලවූ වැඩපරීක්ෂක පොලිසියට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු ඒකක රැසක් ස්ථාපිත චීන රජයෙන් ඉදිරිකළ නව මහල් ගොඩනැගිල්ලේ විවිධ උපාංග සොරකම් කළ චෝදනාවට පෞද්ගලික පිරිසිඳු කිරීමේ ආයතනයක වැඩ පරීක්ෂකවරයෙක් පොලිසියට භාරදුන් බව එම රෝහලේ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 September 2023
චීන ගෙවල් කලාකරුවන්ටත් අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. 24 September 2023
උපන් දිනය සමරන්න ගිහින් ප්‍රපාතයට වැටිලා මඩොල්සිම පුංචි ලෝකාන්තය ආසන්නයේදී පිහිටි රාගල සානුව නැමති ස්ථානයේදී උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණ පිරිසක් අතුරින් දෙදෙනෙක් ප්‍රපාතයකට ඇඳවැටීමෙන් බරපතල තුවාල හිතව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි . 24 September 2023
බස්-ත්‍රිරෝද ගැටීමෙන් දෙකක් මරුට කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී අද(24 ) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 24 September 2023
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් කෘෂි ඇමතිට උපදෙසක් රටේ ජනතාවගේ කුසගිනි නිවීමට දහඩිය හෙලන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියහ. 24 September 2023
මැලේසියාවේදී ලාංකියන් තිදෙනා මැරූ ලාංකිකයින් සොයයි මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් ප්‍රකාශ කර ඇත. 24 September 2023
ජනපති යළි පැමිණෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි . 24 September 2023
සැමියා මරුවයි බිරිය අත්අඩංගුවට නුවරඑළිය ,මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුටපිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරනඑම පුද්ගලයාගේ බිරිය නුවරඑළිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 24 September 2023
මත්පෙති සමග තරුණයෙක් මාට්ටු මත් පෙති 20,7000 ක තොගයක් සමග මන්නාරම තාරාපුරන් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 24 September 2023
අද දිනයේත් නැතින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 September 2023
ග්රහකයක පස් අරන් නාසා යානය එනවා විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්රහකයට ගොස්, එම ග්රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත. 24 September 2023
ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයා වෙඩි තබා මරලා ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයකු මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 23 September 2023
පොලිස් අණ නොතැකූ වෑන් රියට වෙඩි තංගල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ වෑන් රථයකට පොලිසිය නතර කිරීමට අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කරද්දි ටයර්වලට වෙඩි තබා අත්අඩංගවට ගත් බව පොලිසිය කියයි. 23 September 2023
බොරැල්ලේ සුපිරි කඩේ සිද්ධියට පහක් සැකපිට ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 23 September 2023
වේයන්ගොඩ කොන්ක්‍රීට් ගල් ගොඩක අත්බෝම්බ වේයන්ගොඩ ජයසූරිය මාවතේ තුන්වැනි මහලේ ඉදිකරමින් පවතින නිවසක කොන්ක්‍රීට් ගල්ගොඩක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 23 September 2023
කෘතිම බුද්ධියට ලාංකික තරුණයෝ දෙදෙනෙක්ගෙන් රජ වැඩක් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ හඬ කැවීමේ මෙවලමේ සම නිර්මාණකරුවන් වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ සමත් වී ඇත. 23 September 2023
ක්‍රිමියාවේ රුසියා නාවික හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් ක්‍රිමියා අර්ධද්වීපයේ පිහිටි රුසියානු නාවික හමුදා මුලස්ථානයට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.සෙවස්ටොපෝල් නගරයේ ක්‍රිමියා වරායේ පිහිටි කලු මුහුදු බල ඇණියේ නාවික හමුදා මූලස්ථානයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ. 23 September 2023
කිරිපිටි මිල වැඩි නොවේ ආනයනික කිරි පිටි සදහා බදු ඉහළ දැමුවද එම කිරි පිටි මිල වැඩි කරන්නේ නැතැයි කිරි පිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. 23 September 2023
‘‘කතා කිරීමේ නිදහස බිලි නොදිය යුතුයි‘‘-ජුලි චන්ග් ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 23 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026