(අංජුල මහික වීරරත්න)
2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් පනස්දාහකට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මගින් අඩු ආදායම්ලාභී පවුල් වෙත කුලී අය කිරීම අත්හිටුවා එම මහල් නිවාස ඒකකවල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල් වෙතම ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි රජය පවසයි.
ඒ අනුව මාසිකව රුපියල් 3000 ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මතු අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති සියලු නාගරික නිවාස ඒකක
වලින් කුලිය අය කර ගැනීම නතර කිරීමටත් එකී නිවාස වල සින්නක්කර අයිතිය එම අඩු ආදායම්ලාභීන්ට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක රජයට ලාභයි. ඔය ගෙවල් ගන්න අය නඩත්තුව නොකරන බව සහතිකයි. කඩා වැටෙන බව ඇත්ත නේද එතකොට ඉඩම රජයට පවරාගෙන විකුණන්න පුලුවනී.....