( බී.ජී.චතුරංග )
රාත්‍රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අධික වේගයෙන් ගමන් කළ පුද්ගලික බස් රථයක් බස් රථ රියදුරා, බස් රථ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
බසය පසුපස හඹා ගොස් නතර කර පරීක්ෂා කිරීමේදී, රියදුරු බල පත්‍රය පොලිස් නිලධාරීන්ගෙන් උදුරා ගෙන, එම නිලධාරීන් හට අඩන්තේට්ටම් සිදු කර මරා දමන බවට තර්ජනය කර පලා යෑමට ඔවුන් සූදානම් වූ බව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරා, වේයන්ගොඩ නයිවල පදිංචි බස් රථ හිමිකරු සහ එම ප්‍රදේශයේම පදිංචි ඔහුගේ මිතුරෙකු බව පොලිසිය කියයි.
අනුරාධපුර පොතානේගම හන්දිය මාර්ග බාධකයේදී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් නලාව ශබ්ද කර විදුලි පන්දම් දල්වා සංඥා කර තිබූ අතර , බස් රථ රියදුරා එම අණ නොතකා අධික වේගයෙන් බස් රථය ධාවනය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ චණ්ඩින්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනෑ...