IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී

( බී.ජී.චතුරංග )

රාත්‍රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්  නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා  අධික වේගයෙන් ගමන්  කළ පුද්ගලික බස් රථයක් බස් රථ රියදුරා, බස් රථ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

 බසය පසුපස  හඹා ගොස් නතර කර  පරීක්ෂා කිරීමේදී,  රියදුරු බල පත්‍රය පොලිස් නිලධාරීන්ගෙන් උදුරා ගෙන, එම නිලධාරීන් හට අඩන්තේට්ටම්  සිදු කර මරා දමන බවට තර්ජනය කර පලා යෑමට ඔවුන්  සූදානම් වූ  බව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරිබාව   ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරා,  වේයන්ගොඩ නයිවල පදිංචි බස් රථ හිමිකරු සහ එම ප්‍රදේශයේම පදිංචි  ඔහුගේ මිතුරෙකු බව පොලිසිය කියයි. 

අනුරාධපුර පොතානේගම  හන්දිය මාර්ග බාධකයේදී පුත්තලම  දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් නලාව ශබ්ද කර විදුලි පන්දම් දල්වා සංඥා කර තිබූ අතර , බස් රථ රියදුරා එම අණ නොතකා අධික වේගයෙන් බස් රථය ධාවනය කර තිබේ. 



අදහස් (1)

පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී

චන්දන Tuesday, 06 February 2024 03:50 PM

මේ වගේ චණ්ඩින්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනෑ...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site