අදත් උඩරට දුම්රියක් පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැළේ වටගොඩ අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට අදත් 30 දින බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය. 30 December 2023
රජයේ ණය පොලී ගෙවන්න සෑම පවුලකින්ම 38,000ක් රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක්(38757) මාසිකව වැය කිරීමට සිදුවන බව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 30 December 2023
අදත් තදින් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 December 2023
ආපදා නිසා වැඩට නොආ රජයේ සේවකයන්ට බෝනස් නිවාඩු 2023 සැප්තැම්බර්,ඔක්තෝම්බර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. 30 December 2023
කතුන් රවට මුදල් ගැරූ නයිජීරියානුවෝ කොටු වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ. නයිජීරියානු ජාතිකයන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 30 December 2023
‘‘අයි.එම්.එෆ් ගිවිසුමට ජාත්‍යාන්තර සහාය ඉතා වැදගත්‘‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 29 December 2023
දඹදිව යන අයට සෞඛ්‍ය අංශයෙන් අවවාදයක් හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 29 December 2023
වනිඳුගෙන් මැතිව්ස්ට ආරාධනාවක් සිම්බාබ්වේට එරෙහිව ලබන ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලේ හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවන ලෙස නායක වනිඳු හසරංග ඉල්ලීමක් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 December 2023
මිහින්තලේ හිමියන්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් තමන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළහ. 29 December 2023
අධිවේගි මාර්ගයේ ලොකු අනතුරක් මාතර අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ බස්රථ 2ක් සහ බවුසරයක් ගැටීමෙන් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 29 December 2023
බදුල්ල - කොළඹ තැපැල් දුම්රිය අත්හිටුවයි බදුල්ල හා හාලිඇළ දුම්රිය ස්ථාන අතර කන්දක කොටසක් අද (29) පස්වරුවේ නායයෑම හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නොහැකිව මම දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 December 2023
බදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළට බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා පැවසීය. 29 December 2023
ඉන්දියන් සාගරයේ භූ කම්පන හතරක් ඉන්දියන් සාගරය තුළ අද (29) දිනයේ භූ කම්පන හතරක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. 29 December 2023
අධිකරණ ඇමති සාක්කි කූඩුවට අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නිරීක්ෂණ චාරිකාවකට ගිය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහි සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර තිබූ සාක්ෂි ලබාදීමේ ආසනය නිරීක්ෂණයට ලක් කළේය. 29 December 2023
‘යුක්තියට’ 17,000ක් කොටු පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමෙ පළමු දින නවය තුළ සැකකරුවන් 17,837 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 850 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 29 December 2023
අ’පුරෙන් කොරෝනා මරණයක් කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි. 29 December 2023
වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කරයි 2023 දෙසැම්බර් 15 දක්වා වන සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි . 29 December 2023
උද්ධමනය යළි ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශයකට අනුව කොළඹ නගරාසන්න ප්‍රදේශ වල දෙසැම්බර් මස උද්ධමනය සියයට 4 දක්වා වැඩි වී ඇත.නොවැම්බර් මාසයේදී කොළඹ නගරාසන්න ප්‍රදේශ වල උද්ධමනය සියයට 3.4 ක් විය. 29 December 2023
බදු නොගෙවුවොත් සමාවක් නෑ කිසිම සමාගමකට 2024 වසරේ සිට බදු නොගෙවා ඉන්නට අවස්ථාවක් දෙන්නේ නැතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය අාශු මාරසිංහ මහතා පැවසීය. 29 December 2023
උසස් පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම් මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම අද(29)මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ. 29 December 2023
කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස් කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය. 29 December 2023
ජල බිල්පත් ගෙවීම සියයට 15කින් පහළට ජල බිල්පත් ගෙවීම සියයට පහළොවකින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා ප්‍රකාශ කළේය. 29 December 2023
සිවිල් ඉංජිනේරුවකු අතුරුදහන් සිවිල් ඉංජිනේරුවරයකු පැද වූ කැබ් රථයක් අඟුරුවාතොට නාර්තුපාන පාලම අසල තිබී සොයාගත් අඟුරුවාතොට පොලිසිය පවසයි. 29 December 2023
චෙක්පත් වංචා මඩින්න නව නීතියක් චෙක්පත් වංචා වැළැක්වීම සදහා විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට පත්කළ කමිටුවේ කමිටු වාර්ථාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට අද බාර දුන්නේය. 29 December 2023
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් වැටේ උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර 161 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද 29 දහවල් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට නැවතත් බාධා එල්ල වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය. 29 December 2023
ලෝක ජනගහනය ඉහළට මෙම වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සංගණන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා වන විට බිලියන 8කට වඩා වැඩි ජනතාවක් ලෝකයේ ජීවත් වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 29 December 2023
ශ්‍රීලංකාව-තායිලන්තය නිදහස් වෙළදගිවිසුම අත්සන් කරන්න යයි නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. 29 December 2023
කොස්තාපල්වරියට වාචිකව ලිංගික හිරිහැර කළැයි හතරක් අල්ලයි කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළි භූමියකදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට වාචික ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 29 December 2023
ගේය පද රචනා සංගමයේ මුලසුන් පත් වෙති ! ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. 29 December 2023
රජරට වැව් වාන් උතුරයි:පොලොන්නරුව යටවේ උතුරු මැද පළාතට අඛණ්ඩව ඇඳ හැළෙන වාර්ෂාව හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් වර්ෂාව අඛණ්ඩව පැවතුණ හොත් තවත් මාර්ග යටවීමේ අවදානමක් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026