(රෝෂන් තුෂාර)
බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසක ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙනම ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
සමනේර හිමිවරු දෙනමගෙන් එක් නමක් බාලවයස්කාරයකු බැවින් පරිවාස භාරයේ රඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත වූයේ මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි.
නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු තවත් පුද්ගලයකු සමග බලෙන් රැඳී සිටින බවට නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර ස්වාමීන් වහන්සේ නමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුරු විභාගය ලබන 19දිනට නියම කෙරිනි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉබි යතුරු කඩා නිවසකට ඇතුළු වූ සාමනේර හිමිවරු රිමාන්ඩ්