IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපානයත් විදුලිබලයට අත තියයි

(යොහාන් භාසුර)

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ මහතා ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.

මෙරට විදුලිබල  ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා මහගු දායකත්වයක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දෙන බවත් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමේ වැඩසටහන් සඳහා ද ආධාර මෙන්ම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ද දෙන බවත් අමාත්‍යවරයා කීය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය  පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රවීණයන් වෙනුවෙන් ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහයෝගය දෙන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ඉටෝ ටෙරුයුකි, මෙරට ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා සහ ඉඩේ යූරි මහත්මිය සහ නියෝජිතයන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය නියෝජනය කරමින් මෙම හමුවට සහභාගි වූහ.



අදහස් (1)

ජපානයත් විදුලිබලයට අත තියයි

විජේ Wednesday, 14 February 2024 02:14 PM

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඉරණම අත් නොවේවා...!

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site