IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවේ වැඩට ඉන්දියාවෙන් තල්ලුවක්

(අංජුල මහික වීරරත්න)

ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී වූ එකඟතාවය පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙරට රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. 

එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. 



අදහස් (1)

ආණ්ඩුවේ වැඩට ඉන්දියාවෙන් තල්ලුවක්

රංබොඩ Wednesday, 14 February 2024 04:00 PM

හැම එකටම ඉන්දියාව ගාවගෙන අන්තිමට අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා වගේ වෙයිද දන්නේ නෑ. පාලකයින් නම් ටික කාලයක් ඉඳලා යයි. නමුත් අනාගත පරපුරට ප්‍රශ්න ඉතිරිවෙයි...!

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site