(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කැඳවා ප්‍රශ්න කර ඇත.
කැසිනෝ නියාමන අධිකාරියක් කඩිනමින් පිහිටවන බවට එකඟ වී ඇතත් එය පිහිටුවීම ප්‍රමාද කර තිබූ බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම අහිමි වූ මිලියන ගණනක ආදායම නැවත ලබා ගැනීමට මෙම ආයතනය කඩිනමින් පිහිටුවීම වැදගත් බව කාරක සභාව පෙන්වා දුන්නේය.
රෙගුලාසි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජයට සැලකිය යුතු අලාභයක් සිදුවන බව සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පැවසූහ.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවේ සිංගප්පූරුවට සමාන ශක්තිමත් ආදායම් ආකෘතියක් ගොඩනැගීම සඳහා අමතර විශේෂඥතාවක් අවශ්‍ය බවයි.
භෞතිකව හා මාර්ග ගතව පවත්වාගෙන යන කැසිනෝ පිළිබඳ විස්තර සපයන ලෙස කමිටුව එම අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. එසේම හිඟ බදු මුදල් අය කර ගැනීමට යෝජිත සැලැස්මක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දුන්නේය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. එය නව සභා වාරයේ පළමු රැස්වීම විය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් මුදල් කමිටුවට කැඳවයි