බසයක් එනතුරු සිටි කත පැහැරගෙන සුද්දයක් දීලා පූනරින් තම්බි රායි මාර්ගයේ බස් නැවතුමක සිටි කාන්තාවක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඇය සතුව තිබූ රන් මාලයක් කරාබු ජෝඩුවක්,රන් වළලු දෙකක් සහ මුදල් පැහැරගෙන එම කාන්තාව මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පුනරින් පොලීසිය පවසයි. 06 October 2023
බසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය. 06 October 2023
බස්, බවුසර් කන්ටේනර් ගැටි 20ක් රෝහලට කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයේ දී අද 6 අලුයම පහට පමණ පෞද්ගලික මගී බස් රථයක්, බවුසරයක් හා කන්ටේනරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 20ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 06 October 2023
පොලිස් ලොක්කාගේ පුතාගේ රියේ හැපුණු පී.සී මරුට කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද ( 6)අලුයම මියගිය බවරෝහල් පොලීසිය පවසයි. 06 October 2023
සිරියාවේ හමුදා පාසලකට ප්‍රහාරයක් සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් 80 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 ඉක්මවයි. 06 October 2023
රුසියන් ප්‍රහාරයකින් යුක්රේන වැසියෝ 51 ක් මරුට ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. 06 October 2023
දුම්රිය ගැටුම ගැන සොයන්න කමිටුවක් දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කිරීම සඳහා දුම්රිය උසස් නිලධාරීන් තිදෙනකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. 05 October 2023
යනවාද? නැද්ද? ඔබම තීරණය කරන්න අභියෝග හමුවේ රට හැර යනවා ද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත විසින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 October 2023
ලක්ෂ 9ක් ගත්තැයි භූ විද්‍යාවේ හම්බන්තොට ලොක්කකු අල්ලයි රුපියල් ලක්ෂ නවයක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හම්බන්තොටදී ඊයේ (5) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ. 05 October 2023
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට: 11 ක් රෝහලේ දඹගොල්ල වැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතව සිටි සේවකයන් පිරිසකට එල්ල වු බබර ප්‍රහාරයකින් බර වාහන ක්රියාකරැවෙකු අද (05)දින මිය ගොස් ඇතැයි දිවුල්වැව පොලිසිය කියයි. 05 October 2023
නවසීලන්තය කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරයි දහතුන්වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහමදාබාද්හිදී අද (5) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. 05 October 2023
දීනේෂ් ෂාෆ්ටර්ට කෝටි 144ක් වංචා කළාට බ්‍රයන් තෝමස්ට නඩු ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය. 05 October 2023
සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය ජෝන් ෆෝස්ට නොර්වේජියානු ලේඛකයෙකු වන ජෝන් ෆෝස් මෙවර 2023 වසරේ සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගනු ලැබුවේය.ජෝන් ෆෝස් සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ හතරවෙනි නොර්වේජියානු ජාතිකයාද වේ. 05 October 2023
කඳපොළ වත්තකින් අත්බෝම්බ තුනක් සොයා ගෙන කඳපොල කෝටි ලෝජ්වත්තේ වගා බිමක වළ දමා තිබූවිදේශිය නිෂ්පාදිත අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 October 2023
කාන්තාවක බියවද්දා ලක්ෂ 30 ක් කොල්ල කෑ ‘රෝසා‘ - ‘කිටි‘ මාට්ටු මොරටුව ප්‍රදේශයේ නිවසකට කඩා පැන තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බිය වද්දා ලක්ෂ 30ක මුදල් සහ රන් ආභරණ මෙන්ම විදේශ මුදල් කොල්ල කෑ බව කියන රෝසා සහ කිටි නමැති සැකකරුවන් දෙදෙනා අද (5) සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය පැවසීය. 05 October 2023
දොස්තර ගේ පුතා පැදවූ මෝටර් රථයට හැපුණු කොස්තාපල්ට බරපතළයි අධික වේගයෙන් ධාවනය වු සුඛෝපභෝගී මෝටර් රථයක් අද (5) පස්වරුවේ කොළඹ කුරුදුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත සිටි පොලිස් කොස්තාපල්වරයකු ද යටකරගෙන යාම හේතුවෙන් එම කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 05 October 2023
දියලපේ කන්ද නාය ගිය හැටි අකුරැස්ස දියලපේ, තැන්නපිටහේන කන්ද නායයෑමත් සමග ඊට පහළ පදිංචි පවුල් 21 ක සාමාජිකයින් 73 කු ඉන් ඉවත් කර තාවකාලිකව ඔවුන් අකුරැස්ස දියලපේ කනිටු විදුහලේ පදිංචි කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී.අනෝජා මහත්මිය කටයුතු කළේය . 05 October 2023
තරුණයෙකු පැහැරගෙන පහරදී මග දමාගිය සරසවි සිසුහු 4 ක් දැලේ කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි 05 October 2023
දේශීය ඌරු මස් කෑවට නීපා බෝවෙන්නෙ නෑ ඌරු මස් අනුභවයෙන් “නීපා” වෛරසය මෙරට බෝවීමේ අවදානමක් නැතැයි පශු සම්පත් විශේෂඥයන් කෘෂිකර් ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 05 October 2023
පාරේ ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගය අසලදී පුද්ගලයින් දෙදෙනකු අතර හටගත් ආරවුලකදී එක් අයකු හදිසියේ මාර්ගයට තල්ලුවීමත් සමග එම පුද්ගලයා පාරේ ගමන්ගත් කන්ටේනර් රථයකට යටවී එතැනම මියගොස් ඇති බව දොරටියාව පොලිසිය පවසයි. 05 October 2023
යටගිය දවස මතු කළාට කළගුණ සලකති මෙර පුරාවිද්‍යා කේෂත්රයට අමිල මෙහෙවරක් කල පඬිවරු දෙදෙනකු වූ මහාචාර්ය සෙනරත් පරණ විතාන සහ ආචාර්ය සිරාන් දැරනියගල යන මහත්වරුන් වෙනුවෙන් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පැවැත්විණි. 05 October 2023
ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ 05 October 2023
නැගෙනහිර ගුරුවරුන්ගෙන් කපාගත් වැටුප ගෙවන්න එකඟ වෙයි පසුගිය කොවිඩ් වසංගත සමයේදී නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ කපාගත් දිනක වැටුප නොවැම්බර් 30 වැනිදාට පෙර යළි ගෙවීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය. 05 October 2023
කෝටියේ වන්දිය නොදුන්නැයි වෙඩි තියලා කදාන පොල්පිති මුකලාන ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 October 2023
නෙළුම් පොකුණ අසලින් මාර්ගය වහයි නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත තාවකාලිකව වසා දැමුණු බව කුරුදුවත්ත පොලීසිය කියයි. 05 October 2023
යාළුවා බේරන්න ගිහින් කූඩුවේ ලගී අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා හැරීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය තුළ දීම අඩංගුවට ගත් බව මහව මුලස්ථාන මුලස්ථාන පොලිසිය කියයි. 05 October 2023
ලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක් ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දින ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කළ මහනුවර වලල මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා කරුණාරත්න සිසුවියට පාර්ලිමේන්තුවේ උණුසුම් සුබපැතුම් අද (5) පිරිනැමිණ. 05 October 2023
සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන නීතිඥයෝ පිරිසක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක් දැක්වූහ. 05 October 2023
ජනපති තරුෂිට කතා කරයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සිසුවියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් පළ කළේය. 05 October 2023
සැක සහිත මළ සිරුරක් හංවැල්ලේ නිවසක නිර්වස්ත්‍රව ලේ පැල්ලම් කිහිපයක් සහිතව කාමරයක් තුල උඩුකුරුව වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් හංවැල්ල වැලිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද (05) දින සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 05 October 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026