(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.
ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා වහාම පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබූ අතර ඔහු අද (15) සවස් කාලය වනතුරුත් එහි ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ සමීපත්කමයකු තහවුරු කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භ වීමත් සමග එම කමිටු රැස්වීම මාධ්‍යයට තහනම් කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ගුණතිලක රාජපක්ෂ මහතාට චෝදනා කර සිටි අතර එහිදී දෙදෙනා අතර විවාදාත්මක තත්ත්වයක් ද ඇතිවිය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් බරපතල නොවන බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී ගුණතිලක හදිසියේ ලෙඩ වේ
Pankumburage Friday, 16 February 2024 03:04 AM
අන්තිම වාක්‍යය නම් කිසිම ගතියක් නැහැ.
මොහොට්ටාල Friday, 16 February 2024 03:11 PM
සිදුහත් රජතුමා රටේ සංචාරයේ යෙදෙන අතරේ මහල්ලෙක් ලෙඩක් මිනියක් හා පැවිද්දෙක් දැකලා සසර කලකිරී ගිහිගෙය හැරගියා. උපන් සෑම කෙනෙක්ම ලෙඩවෙනවා, මැරෙනවා. ඒකෙන් කියන්නේ තණ අග තියෙන පිනිබිඳු වගේ ජීවිතය විනාශ වෙනවා කියලා තමයි. ඉතින් සෑම කෙනෙක්ම ජීවත්වන කෙටිම කාලය යහපත්ව ජනතාවට අසාධාරණයක් නොකර ජනතා දේපොළ මංකොල්ලකෑම් නොකර ජනතා මුදල් තමන්ගේ පරම්පරාවේ අයගේ ප්‍රයෝජනයට පමණක් නොගෙන යහතින් ජීවත්වෙන්න කියලා මතක් කිරීමක් හැටියට තමයි, ඔහොම හිටිහැටියේ අසනීප වෙනවා. හදිසි අනතුරු වෙලා මැරෙනවා. හිරේ විලංගුවේ වැටෙනවා වගේ වෙන්නේ. මේවා මෙනෙහි කර හිටියොත් රටත් හැදේවි ජනතාවට සේවයක් වේවි... එහෙම කරපු කෙනාගේ නම සදා පවතීවි?මැරෙන වෙලාවේ තමයි කළ පුන්‍ය කර්ම සිහියට ඇවිත් යහපත් ආත්මයක උපතකට හේතුවක් වේ...!