IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකලා

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (15) පැවසීය.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයේ මූලික කරුණුවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඒ මහතා කීය.

බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට කළ දැනුම්දීමකට අනුව කේ.පී.එම්.ජී. ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කිරීමෙන් පසුව 2023 වසර වන විට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවී ඇති බවත් 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් කෝටි 2800 ක් ලෙස වාර්තා කර ඇති අතර එය 2023 වසර වන විට රුපියල් කෝටි 400 ක් දක්වා අඩුව ඇති බවත් ඒ මහතා කීය.

 



අදහස් (1)

ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකලා

Lankabarana Friday, 16 February 2024 09:32 AM

සෑම සතියකට වරක් නැත්නම් දෙසතියකට වරක් දත්ත පද්ධතියේ බැකප් එකක් අමාත්‍යාංශය වෙතට හා විගණකාධිපති වෙතට අරගෙන පරීක්ෂා කරන්න ගත්තොත් ඔය හොරකම් අඩුකරන්න පුළුවන් වෙනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site