
(රෝෂන් තුෂාර)
ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර කච්ඡේරියක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගියේ යයි කියන ග්‍රැපික් ඩිසයිනර් හා ඔහුගේ ගෝලයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(15)නියෝග කළේය.
සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද ජාතික හැඳුනුම්පත් 20ක්, රියදුරු බලපත් 36,ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම් කාඩ් රාශියක් හා කූට ලෙස සැකසූ රජයේ ලිපි ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කඩවත පදිංචි රොෂාන් ඩයස් සහ ඔහුගේ ගෝලයා වන ඉන්දික සඳරුවන් නැමැති පුද්ගලයින් දෙදෙනෙකි.
රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් අඩංගුවට ගත් බවත්,විමර්ශන අවසන් නොමැති බැවින් සැකරුවන්ටත් බන්ධනා කර ගත කරන ලෙසත් රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරුවන් විසින් පුද්ගලයින්ට අවශ්‍ය ඕනෑම ලිපි ලේඛනයක් සකසා දී තැරැව්කරුවන් මගින් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්,whatsapp හා ෆේස්බුක් සමාජ ජාලා හරහා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුචිර දේව ප්‍රිය මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ පරිගණක දැනුම පිළිබද ඉහළ පරිචයක් ලබා ඇති සැකකරු සිය රැකියාව අහිමිවීමෙන් පසු මෙම සිද්ධියට ගොදුරු වීඇති බවය.දරුවන් දෙදෙනකුගෙන් යුත් ඔහුගේ වැඩිමහල් දරුවා මෙවර ශිෂ්‍යත්වයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ඇති බවත්,අනික් දරුවා පාසලට ඇතුළත් කිරීමට නියමිත බැවින් සුදුසු ඇපයත් නියන කරන ලෙසත් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ලිපිහැදූ දෙකක් රිමාන්ඩ්
AKS aththanagoda Saturday, 17 February 2024 01:01 PM
ශිරන්තිගේ හැඳුනුම්පත හැදුවේත් මෙයාද දන්නේ නෑ