IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහකනදරා වතුර බෙදන හැටි ඇමති පහදයි

(අංජුල මහික වීරරත්න)

වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් ජල ව්‍යපෘතිය සඳහා මහකනදරා  වැවෙන් ජලය ලබා ගන්නේ නැතැයි වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ගොවි ජනතාව හමුවේ පැවසීය.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය  විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

මහකනදරා  වැවෙන් අක්කර අඩි 1000ක ජලධාරිතාවක් අනිවාර්යයෙන් ලබා ගන්නා බවට  එකඟතාවයක් නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා කෘෂිකර්ම කටයුතු සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවද ගොවි සංවිධානවලට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන බවද සඳහන් කළේය.

ඒ ප්‍රමාණයන් අනුව පානීය ජලය සඳහා  පොම්පාගාරයෙන් කොපමණ ජල ප්‍රමාණයක් ලබා ගන්නවද කියා තීරණය කළයුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය එකඟ වූ බව සඳහන් කළේය.

 වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් මහකනදරා වැවෙන් ජලය ලබා ගන්නේ නැතැයි  නීත්‍යානුකූල ලියවිල්ලක් සකස්කර ගොවි ජනතාවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීනුත් එක්ව අවබෝධතා ගිවිසුමකට එළැඹිය හැකි බවද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීය.



අදහස් (5)

මහකනදරා වතුර බෙදන හැටි ඇමති පහදයි

Nimal Friday, 16 February 2024 12:49 PM

තවමත් අමතර ජල සැපයුමක් නැතිව, කෘෂිකර්මාන්තයටත් ජලය හිඟව පවතිද්දී පානීය ජලය ලබාදෙන්නේ කෙසේද? අනිවාර්යයෙන්ම විශාල ජල හිඟයකට මුහුණ දෙන්න සිදුවෙනවා. එක්කෝ කෘෂි කර්මාන්තයට ජලය හිඟවෙයි. නැතිනම් පානීය ජලය හිඟවෙයි. පනින්න පෙර සිතාබැලිය යුතුය.

:       1       5

ගමේ එකාලා Friday, 16 February 2024 02:25 PM

මෙයත් දූෂිත පවුල් පාලනේ කෙනෙක්... රටම හොරාකාලා විනාශ කරපු අයගේ කතා දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.

:       4       15

Ana Friday, 16 February 2024 02:27 PM

එම ගොවිමහත්වරුන් ඔය ලණුව කන එකක් නැහැ. දීර්ඝ නි‍යං කාල කියලා එන්නේ නැහැනේ. වැවේ වතුර අඩු වුණාම කොහොමත් ගන්න බැහැ තමයි.

:       2       15

පිටරටවැසියා Friday, 16 February 2024 02:37 PM

චීන අසුචී පොහොර ගෙන්නන්න ඔබතුමා දක්වපු නොමසුරු දායකත්වය ගොවීන්ට අමතක නැතිව ඇති...! 

:       1       10

Indika Saturday, 17 February 2024 11:01 AM

වැවක ජල ධාරිතාව ගැනවත් අධ්‍යයනයක් නැතුවද මේ මීහරක් වැව් එක්ක ගනුදෙනු කරන්නේ? ආච්චිට හාල්ගරන ජල කලමනාකරණ ප්‍රතිපත්තියක්නේ යකෝ ඒක...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site