
(අංජුල මහික වීරරත්න)
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් රජය පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඊට අදාල සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන කෙරිණි.
ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142කි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි කරයි