
(අංජුල මහික වීරරත්න)
රබර් කිරි කපන්නෝ 169 දෙනෙක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3)සහතික පත් ලැබූහ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය දෙසතියක විධිමත් පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම NVQ-3 සහතිකය පිරිනැමීය.
රබර් කිරි කැපීමේ කම්කරුවන් ලෙස හැඳින්වූ පිරිසගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බව කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔවුන් මින් පසු රබර් අස්වනු සහායකයින් ලෙස හඳුන්වන බවත් ජාතික වෘත්තිය නිපුණතා සහතික පිරිනැමීමේ දී රබර් අස්වනු සහායකයින්ට ලෝගුවක් පළඳවා සහතික පත් පිරිනැමීමට රබර් පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබූ බවත් පැවසීය.
මීට අමතරව තල්, කිතුල්, හා පොල් කර්මාන්තය ආශ්‍රිතව රා මඳින හා ගෙඩි කඩන පුද්ගලයින්ටත් මෙම NVQ-3 සහතිකපත් දුන් බවද එම කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට මෙවැනි පුහුණුවක් සමග සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාවක් ලැබෙන බව අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ උප සභාපති එස්. එච්. හරිස්චන්ද්‍ර මහත්වරු ද සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි කපන්නෝ NVQ-3 සහතික ලබති
විජිත් Friday, 16 February 2024 02:26 PM
8 පන්තියවත් පාස් නැති "ඇමැතියා" ට ආචාර්ය ලෝගුවක්? ඒක දකින ඇත්ත ආචාර්යවරුන්ට මොනවා හිතෙනවා ඇතිද?