‘මුළු දවසෙම වුණත් උත්තර දෙන්න ලෑස්තියි පාර්ලිමේන්තුවේදී මුළු දවසේම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2023
හොර හරක් ජාවාරමෝ පොලීසියට කොටුවෙති කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට ගත් බවඅනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 04 October 2023
ටිපරයට නව හැවිරිදි දරුවා බිලි වවුනියාව, පුදුකුලම ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු නවයක දරුවෙක් මියගොස් ඇතැයි ඊච්චන්කුලම පොලීසිය කියයි. 04 October 2023
විපක්ෂ නායකගෙන් චෝදනාවක් මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා උපකරණ පාවිච්චි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද( 4) පැවසීය. 04 October 2023
දුම්රිය නියාමක සංගමය වර්ජනයක දුම්රිය නියාමක සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය 04 October 2023
ලොරිය ප්‍රපාතයට පෙරළී 22ක් රෝහලට මස්කෙළිය - සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලණ්ඩ් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට අඩි 40 ක් පමණ ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 22 ක් තුවාල ලබා මස්කෙළිය හා දික්ඔය රෝහල් වෙත් ඇතුළත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 04 October 2023
ජනපති මාධ්‍යයට තීරණයක් ගන්න ඉඩ දෙයි ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද?නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 October 2023
ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වී තිබේ. 04 October 2023
සූදු පොළක මුදල් වංචාවෙන් ලබාගත් එස් .අයි. ගෙදර මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූරුපියල් 343,500මුදලක් වංචා වෙන් ලබාගත් බව කියන මීගමුව පොලීසියට පොලිසියට අනුයුක්තව පිහිටා ඇති දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. 04 October 2023
ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි 04 October 2023
බස් දෙකක් ගැටී හයක් රෝහලේ කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී අද රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි . 04 October 2023
නිරිතදිගට තවදුරටත් තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 October 2023
ධනුෂ්ක ගුණතිලක එයි ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 04 October 2023
හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත. විපක්ෂ නායක පැට්රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය. 04 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි. 04 October 2023
රැඳවුමේ හිටියත් හරක් කටාට දුරකතන පහසුකම් හොඳටම ලැබිලා රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිළි විමර්ශන ඒකකයේ ස්ථාවර දුරකතනවලින් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 October 2023
මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට එරෙහි වෙන්න චේතනාන්විතව බොරු කිව්වා යැයි කියා නෙත් එෆ්.එම් මාධ්‍යවේදීන් සිව්දෙනකු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇතැයි ද මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට පෙලඹෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 October 2023
ලංකාව ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් නෑ පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ජර්මනියේ රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 October 2023
පොලිස්පතිගේ සේවා දිගුව 9 වැනිදායින් අවසන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි. 03 October 2023
ශ්‍රී ලංකාවට වසර 17කට පසු ආසියානු මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට වසර 17 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් ගෙන එමින් නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් වූවාය. 03 October 2023
එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (3) පැවැත්විණි. 03 October 2023
’’හවාලා’’ නියාමනයට රෙගුලාසි මුදල් අමාත්‍යාංශයට නීතිවිරෝධී විදේශ විනිමය හුවමාරු ක්‍රමයක් වන හවාලා ක්‍රමය නියාමනය කිරීමට අදාළ රෙගුලාසි මුදල් අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 03 October 2023
ධනුෂ්ක මාස 11කට පසු අද ලංකාවට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 October 2023
තක්සේරුවට කෝටි 11ක් පොලු තියලා වරින් වර ගන්නා ලද තක්සේරු වාර්තා වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය තක්සේරු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු පරිසර ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවටදැනුම් දුන්හ. 03 October 2023
ආරක්ෂාවට බලපාන රසායන ද්‍රව්‍ය නියාමනයට ජාතික ආරක්ෂාව සඳහා බලපාන රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 October 2023
දරුවක් ළිඳට දැමීමට ගිය කතක් සහ ඇගේ පුතා අත්අඩංගුවට වයස අවුරුදු 13 ක බාල වයස්කාර පිරිමි දරුවකුට අයුතු අවහිරයක් හා අපහරණයක් සිදු කර පහරදී, ළිඳක් උඩට උස්සා ගෙන ගොස් ලිඳ තුළට අතාරින බවට බිය කළ මවක සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 03 October 2023
රජයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක් මීට වඩා බදු බරක් මේ මොහොතේ ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 October 2023
ඉඩමට පාරක් ගන්න රක්ෂිතයක් කපලා පෞද්ගලික ඉඩමකට ගමන් කිරීම සඳහා මාර්ගයක් ඉදි කිරීමට, මිහින්තලේ වෙල්ලාරගම රක්ෂිතයේ ඇති ගස් කපා දමමින්, එම රක්ෂිතය විනාශ කර දමමින් සිටි පුද්ගලයන් දෙදෙනකු බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අනුරාධපුර කාර්යාලය පවසයි. 03 October 2023
භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 03 October 2023
සූර්ය බල ව්‍යාපෘතියට රජයේ ඉඩමක් බදු දෙයි මෙගා වොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 October 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026