
(අංජුල මහික වීරරත්න)
පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්‍රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ ඇති වු සිද්ධින් සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවකට අධිකරණ අමාත්‍යාංශයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල පවතින පරිපාලන දුර්වලතා මග හරවා ගැනීමට පුහුණුව සහිත නිලධාරීන් බදවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින් ඉක්මනින් ඔවුන් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වු සිද්ධින් ඉදිරියට ඇති නොවීමට වග බලා ගත යුතු බවත්, පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කළ යුතු බවත්, අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් වැඩි කිරීම, පුනරුත්ථාපනලාභින්ගේ මානසික තත්වය ඉහල නැංවීම, එම මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු, ඔවුන්ට ලබා දෙන පුහුණුවීම් පිළිබදවද මෙහිදී අවධානය යොමු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකාඩු ගැන නෝක්කාඩුවට ඉඩ තබනු එපා
sam Tuesday, 13 February 2024 07:42 PM
පුනරුත්ථාපනලාභින්ගේ මානසික තත්වය ඉහළ නැංවීම, එම මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු /මානසික සෞඛ්‍යයේ මෙහෙවර වන්නේ වැළැක්වීමේ, සුව කිරීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ මානසික සෞඛ්‍ය සේවා සැපයීම මනෝ චිකිත්සකවරුන් මගින් කළයුතුවේ...