IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් කෝටි ගණනාවක් වටිනා  බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ  පැරණි තෙමහල් නිවසකට ඉබි  යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ      මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි.

තම නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු  තවත් පුද්ගලයකු බලෙන් රැඳී සිටින බවට  නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර හිමිනමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (6)

ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට

Lalla Wednesday, 14 February 2024 10:56 AM

අනුන්ගේ පින්වලින් ඉක්මනට නිවනට යන්න පාර හොයනව පාදඩ චීවරධාරියෝ.. මේ වගේ එවුන් නිසා තමා සිවුරට අපහාස උපහාස විඳින්නවෙලා තියෙන්නේ..

:       2       19

R.P.AnandaWednesday, 14 February 2024 11:53 AM

මාලබේ කිට්ටුව ඔය වගේ දේපල සංවර්ධනය කරන පන්සලක උන්නාන්සේලාද දන්නේ නැහැ...

:       0       5

පිටරටවැසියා Wednesday, 14 February 2024 11:16 AM

නිවසින් කොටසක් සාංඝික කරලනේ...ඒත් ඉබි යතුරුටික දෙන්න අමතක වෙන්ඩ ඇති ඇටෝනි බලපත්‍රය දෙන වෙලාවෙදී, ඒකයි ඉබි යතුරු කඩා ඇතුළු වී ඇත්තෙ???

:       0       10

ravin Wednesday, 14 February 2024 12:27 PM

දැන් ඔය මහණවෙලා තියෙන්නේ සියලු ලෞකික දේවල් අතහැරලා නොවේද?

:       0       3

පිටිගල මිලානෝ Wednesday, 14 February 2024 02:41 PM

පින්වතුනි…. හැකි තරම් පූජා කරන්න… දෙන දෙන තරමටයි ලැබෙන්නේ.

:       0       3

de silva Wednesday, 14 February 2024 09:18 PM

කරුණාකර නීති මගින් මෙම චීවර ධාරියෝ දෙන්නට උපරිම දඩුවම් දෙන්න , වචන වලින් බුදු සසුනට අපහස කල කියල සේපාලට සහ අර නටාෂා කියන කාන්තාවට බෙදුව හැන්දෙන්ම මේ ගොල්ලන්ටත් බෙදන්න , සංගයාවහන්සේලට දේපල , වාහන වැනි දේවල් වල ඓතිය ලබාගන්න බැරි විදිහට නීති සම්පාදනය කරන්න , කරුණාකර බිස්නස් කරනවා නම් සිවුරෙන් ඉවත් වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site