IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකා ඩයනික් සෙරමික් ආයතනයේ සේවකයින්ට වන්දි කඩිනම් කරනු

(රෝෂන් තුෂාර)

වසර 22කට පෙර ගණන් බේරා වසා දැමීමට යෝජනා කළ ලංකා ඩයනික්  සෙරමික් සමාගමේ සේවකයින්ට වන්දි ප්‍රදානය කිරීම කල් යෑම සම්බන්ධයෙන් සේවකයින් ඉදිරිපත් කළ දුක් ගැනවිල්ල සලකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඒ සම්බන්ධ නියෝගය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
තමන් ඇතු`ථ සේවකයින් 857 දෙනෙකුට වන්දි දෙන ලෙස මීට වසර 22කට පෙර කම්කරු කොමසාරිස්වරයා නියම කර ඇතත් මෙතෙක් තමන්ට වන්දි ලැබී නැතැයි නඩු විභාගය අතරතුර අධිකරණයේ හඬා වැටෙමින් ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයකු වු ඒ” ගුණවර්ධන නමැත්තා දැක්වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
ලංකා ඩයනික් සෙරමික් සමාගම ඈවර කර එහි සේවකයින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රාජගිරියේ ලංකා ඩයිනෙක් සිරමික් ආයතනයේ සේවකයින් 857 දෙනෙකුට රුපියල් 39233528.24 බැගින් වන්දි ප්‍රදානය කර ආයතනය ගණන් බේරා වසා දමන ලෙසට කම්කරු කොමසාරිස්වරයා 2002 වසරේදී නියෝග කර ඇති බවත් එම නියෝගය අනුව සමාගමේ දේපල  ඇවරකර වන්දි මුදල් ගෙවීමට අධිකරණය අවසර ලබා දී ඇති බවත් අනාවරණය විය”
ඇවරකරුගෙන් ලංකා ඩයනික් සෙරමික් සමාගමේ දේපළ මිලදී ගත් මොරටුවේ ඒෂියන් සමාගම නිසි පරිදි මුදල් ගෙවා ඇත්ද? එම මුදල් මේ වන විට කවුරුන් සතුව ඇද්ද? යන්න පිළිබඳව විමසු අවස්ථාවේදී අදාළ දේපළ මිලදී ගත් බව කියන ඒෂියන් සමාගමේ නියෝජිතයකු අධිකරණයේ සාක්කි දෙමින් එක් ගොඩනැගිල්ලක දේපළ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් ඇවරකරුට ගෙවූ බව පැවසීය.
ඒ අවස්ථාවේදී එකවරම විශාල ලිපි ගොනුවක්ද රැගෙන අධිකරණය ඉදිරියට පැමිණී ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයකු වු ඒ” ගුණවර්ධන නමැත්තා වසර 25 කට පෙර කම්කරු කොමසාරිස්වරයා විසින් නියම කළ  වන්දි මුදල් තමන්ට තවමත් නොලැබුණු බවත්, අසාධාරණයට ලක් වූ සේවකයින්ට වන්දි ගෙවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, හඬා වැළපෙමින් අධිකරණයෙනන් ඉල්ලා සිටියේය”



අදහස් (0)

ලංකා ඩයනික් සෙරමික් ආයතනයේ සේවකයින්ට වන්දි කඩිනම් කරනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site