IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය, තැපැල්, ගමනා ගමනය අත්‍යාවශ්‍ය වේ

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය, පොදු ගමනාගමන සේවා, දුම්රිය සහ තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙන බව එම අති විශේෂ ගැසට් නිවේදනය සඳහන්වේ.

ඒ අනුව රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා දුම්රිය මාර්ග මගින් ගමනා ගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමේ සේවා තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ

 



අදහස් (9)

සෞඛ්‍ය, තැපැල්, ගමනා ගමනය අත්‍යාවශ්‍ය වේ

වීර Tuesday, 13 February 2024 10:13 PM

හොරකම් කරපු සල්ලි අපිට දීපං මහ හොරා.. දීලා ඔව කියපං..

:       2       1

chandima Tuesday, 13 February 2024 10:15 PM

ඉස්සර ඒක බල්ලට දාලද තිබුනේ ?නැතිනම් ලෝකේ වටේ ගිය නිසා බලන්න වෙල්වාක තිබුනේ නැතිද ?

:       2       1

Rata Perata Tuesday, 13 February 2024 10:46 PM

මේවා කරන්න විතරයි මේ මිනිහා දන්නේ

:       2       1

මුදළිහාමි Wednesday, 14 February 2024 05:43 AM

ඔය වැඩේ ඔහොම හැමදාම කරන්න බැහැ ජනාධිපතිතුමා .රජයේ සියලු සේවාවන් අත්‍යාවශ්‍යම වෙනවා ඒ නිසා සෞඛ්‍ය විදුලිය ගමනාගමනය තැපැල් ආයතන සදහා පත්වීම් ලිපි නිකුත්කරන අවස්ථාවල එම පත්වීම් ලිපිවලට ඔය කොන්දේසි ඇතුළත් කරන්න එම කොන්දේසි කැඩීම සේවයෙන් පහකිරීමට හේතුවක් බව ඇතුළත් කරන්න තවත් එකක් වර්තමානයේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ නිළධාරින් රජයේ කටයුතු විවේචනය කිරීම දකින්නට ලැබෙනවා රත්නපුර සමන් දේවාලයට බස්නායක පත්කිරීම සම්බන්ධයෙන් එක නිනිළධාරියෙක් තදින්ම දොස් කියලා තිබුනා ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව එයින් පේනවා ඔහු මුදල් කටයුතු නැත්නම් පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා එහෙම ප්‍රකාශ කරල කියලා එහෙම අයට නිදහසට කරුණු විමසීමක් කර දඩුවමක් දෙන්න ජනතා මුදලින් වැටුප් ලබන පිරිස් මෙහෙම අකටයුතුකම් කරන කොට රට හදන්න බැහැ ඊළඟට ආයතන සංග්‍රහයේ රෙගුලාසි නීතියක් බවට බලගැන්වීමට කටයුතු කර නිළධාරි සදහා විනයානුකූලව කටයුතු කරන්න පිරිසක් පත්කර විනය කටයුතු ඔවුන්ට පවරන්න එවිට අධිකරණයට නඩු ගොඩගැසීම අඩුවෙනවා

:       0       4

Prasanna Wednesday, 14 February 2024 09:07 AM

ඔය ගැසට් එක රෝල් කරලා ගහගනිල්ලා ............කේ

:       3       2

kushanWednesday, 14 February 2024 11:40 AM

ඔබට දුප්පත් මහජනතාව විඳින දුක පේන්නේ නැද්ද? ඔහෙත් ඔය කාලය කා දමන රජයේ ජොබ් එකක්ද කරන්නේ..? හේතුව ඒ වගේ මහජන මුදලින් නඩත්තු වෙන කාලකන්නින් තමයි, ඔය වැඩ වර්ජන උද්ඝෝෂණවලට සහභාගි වෙන්නේ.

:       0       3

පිටරටවැසියා Wednesday, 14 February 2024 09:08 AM

මීට කලියෙන් මේවා රටේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන සේවාවන්, එහෙමත් නැත්නම් අනවශ්‍ය සේවාවන් වෙලාද තිබුනෙ කියල දැනගන්න කැමතියි...

:       0       3

Bamunuarachchi Wednesday, 14 February 2024 09:46 AM

නමට අත්‍යවශ්‍ය සේවා කරලා වැඩක් නැහැ සේවාව පැහැර හරින එවුන්ව සේවයෙන් නෙරපා හරින්නේ නැතුව. මාමා කරපුදෙ බෑනා නොකරනවා නම් ඌ නෝට්ටිගේ බෑනා කියලා අපිට කියන්න වෙනවා. ඒ නිසා අර කුමුදේශ් කියන එකා සමග අනිත් වෘත්තීය සමීති කාරයෝ ජොබ් එකෙන් එලියට දැම්මොත් අනිත් එවුන් වැඩට ඒවි.

:       0       4

Lankabarana Wednesday, 14 February 2024 10:53 AM

විශ්‍රාම වැටුප් නිසා බොහොමයක් පිරිස් රජයේ රැකියා බලාපොරොත්තුව ඉන්නවා ඉතින් දැඩි නීති රෙගුලාසි ඇතිකර ඒවාට එකගවීම මත පමණක් රජයේ රැකියා සදහා බදවා ගතහොත් ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ එම පත්වීම් ලිපියේම තමන්ට තෘප්තියක් නැත්නම් අස්වෙලා යාමට ප්‍රතිපාදන ඇතුළත් කරන්න එහෙම කටයුතු කරන්න බැරිනම් සේවයෙන් ඉවත්වෙලා යාවි නැත්නම් රජයේ රැකියා ඉල්ලීම නොකර සිටීවි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site