IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට

(යොහාන් භාසුර)

රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා අද (13) පැවසීය.

මෙම බහලුම් හතර සම්බන්ධයෙන් රේගුවට ඇතිවූ සැකය මත නවතාගෙන පරීක්ෂණ කළ බවත් පානදුර, වත්තල සහ කොළඹ 10 යන ප්‍රදේශවල ආයතන තුනක් ආනයනය කළ මෙම බහලුම් හතර එකම ආයතනයකට නිෂ්කාශනය සඳහා පවරා තිබීමෙන් එම සැකය වඩාත් වැඩි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම බහලුම් හතර රේගුව නොමග යවා විනිශ්කාශනය කරගත්තේ නම් රජයට රුපියල් කෝටි හයකට අධික තීරු බදු ආදායමක් අහිමිවීමට ඉඩ තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම නිමිඇඳුම් තොගය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහලුම් දෙකක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් උඳු කිලෝග්‍රෑම් 12,688 තොගයක්ද භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීබලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site