දන්දෙන්න ඇවිත් ආරාමයට සුද්දයක් දීලා කරඬුවක් පූජා කිරීමේ මුවාවෙන් බෙම්මුල්ල කලගෙඩිහේන පැෂන් වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකට ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එහි අල්මාරියක් තුළ තබන ලද රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් සොරා ගෙන පලා ගොස් ඇතැයි බෙම්මුල්ල පොලිසිය පවසයි. 03 October 2023
කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 03 October 2023
පොලිස් නිලධාරියකුට මන්නා පහර බීමත්ව ත්‍රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් කොස්තාපල් වරයාට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම ත්‍රිරෝද රථයේ අයිතිකරු අලුබෝමුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 03 October 2023
අද සිට දින කීපයක් තැනින් තැනට තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි විමක් අද සිට ඉදිරි දින කීපයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 October 2023
ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 03 October 2023
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. 03 October 2023
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති. 03 October 2023
මැලේසියා ඝාතනයට ඇල්ලූ සැකකරුවකු කූඩුවේ දී මිය යයි මැලේසියාවේ සෙන්තුල්හිදී සිදු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළගෙන් සැමියා අත් අඩංගුවේ සිටියදී පසුගිය සෙනසුරාද මියගිය බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් අද(02) ප්‍රකාශ කළේය. 02 October 2023
ගුවන් ප්‍රමාදයේ පාඩුව කෝටි 195යි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 October 2023
නාමල් රාජපක්ෂගේ ලක්ෂ 26 ක විදුලි බිල අමාත්‍ය සනත් නිශාන්ත ගෙවයි තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලි වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 26 කට අධික හිඟව තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (2) ගෙවීය. 02 October 2023
මුදල් ගණු දෙනුවකට ජීවිතයක් අහිමි වේ තියුණු ආයුධයකින් පහරදී අද රාත්‍රි පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි. 02 October 2023
වටදාගෙයත් පුපුරුවන්න හදලා? විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්‍රික ග්‍රිල් වැනි නවීන මැෂින් යොදා ගනිමින් පුරාණ ගල කීප තැනකින් විඳ පුපුරා හැරීමට උත්සාහ කර ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති . උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කළහ. 02 October 2023
වැරදි ධාවනය රිදි පදක්කම අහිමි කරයි චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්ෂණික කමිටුව තීරණය කළේය. 02 October 2023
අත්අඩංගුවට ගත් පී.සී හරක් කටා ගැන වමාරයි රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිටස්තර පුද්ගලයන්ට බොහොමයක්ම දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇත්තේ පසුගියදා ත්‍රස්තවාදී විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග පවසයි. 02 October 2023
තිදරුමවගේ ඝාතනයට ව්‍යාපාරිකයකු සහ කපුවකු අත්අඩංගුවට මුල්ලේරියාවේ තිදරු මවක ආයුධවලින් කපා ඝාතනය කර සිරුරේ කොටස් වෙන්කර හිස හා අත් පා නොමැති මළ සිරුර සියඹලාපේ වගුරු බිමකට දැමීමේ සිද්ධිය අදාලව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ව්‍යාපාරිකයා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි. 02 October 2023
මොඩ් බස් 28කට තහනම් නියෝගයක් නීති විරෝධී අයුරින් විවිධ උපාංග සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය කියයි. 02 October 2023
බඹරුන්ගෙන් පාසල් සිසුන්ට රිදෙන පාඩමක් වෙන්නප්පුව මාටින් ද පෝරස් විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් පස් දෙනකු සහ සිදු දරු දැරියන් 18 දෙනකු බඹර ප්‍රහාරයකට ලක් වූ රෝහල් ගත කළ බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 02 October 2023
අයි.එම්.එෆ් වාරිකය අහිමිවීම මූල්‍ය පාඩුවට එහාගිය අවාසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) දීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය ලැබෙන දිනයක් පිළිබඳව ඉඟියක් හෝ නොමැතිව කල්දැමීම මෙරටට ලැබූ ද්විත්ව ආකාරයේ මහා පාරමාණයේ අවාසියක් බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 October 2023
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය. 02 October 2023
ටිරාන්ට එරෙහිව විශ්වාසභංගයක් රටේ ඝාතන රැල්ල මැඩපැවැත්වීමට අපොහොසත්ව ඇතැයි චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට ලබන සතියේ බාරදීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති. 02 October 2023
ජපාන් සමාගමක් යෝධ රොබෝවෙක් හදයි ජපාන සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 980 ක් පමණ) වටිනා රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබේ. 02 October 2023
අල්ලසේ වැටලීම් 29න් 14ක් කොට උඩ ගිහින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය වර්ෂයේදී ( ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා) කරන ලද වැටලීම් 29කින් 14 ක් අසාර්ථකවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 02 October 2023
විපක්ෂයේ එකම පැතුම අයි.එම්.එෆ් දෙවැනි වාරිකය අහිමි වීමයි වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නොලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(2) පැවසීය. 02 October 2023
ඛනිජතෙල් බෙදුම්කරුවන් දැඩි තීරණයක ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවි කරන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයකට පත්නොකළ හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබේ. 02 October 2023
පානදුර දුම්රිය ස්ථානයේ ගැටුමකින් ස්ථානාධිපති ඇතුළු තුනක් රෝහලේ පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයින් සහ තවත් පිරිසක් අතර අද (02) ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්), දුම්රිය සේවකයකු සහ තවත් පුද්ගලයකු රෝහල් ගතකර ඇති බව පානදුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 02 October 2023
හලාවත පාසලක බිත්තියක කොටසක් කඩා වැටිලා හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසැලේ අබලන්ව අලුත්වැඩියා කිරීමට නිර්දේශ කර ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ පිහිටිරසායන විද්‍යාව උගන්වන කාමරයේවිශාල ප්‍රමාණයේ බදාම කොටසක් අද ( 2)උදෑසන කඩා වැටුණු අතර එයින් සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙනි. 02 October 2023
ජනාවාසකරණයේදී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි ශ්‍රී ලංකාවට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීම යැයිද එම අභියෝගය ජය ගතහොත් හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාස වලට විදුලිය දීමේ අවශ්‍යතාවයක් නැතැයි ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 02 October 2023
ඉන්ධනවලින් ආණ්ඩුව ලාභ ලබයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61 ක ලාභයක් බලන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලිටරයකට රුපියල් 103.64 ක බද්දක් අය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 02 October 2023
විදුලිබල මණ්ඩලයෙන් කොමිසමට තොරතුරු විදුලි ගාස්තු මෙම මස සිට ඉහළ දැමීමට අදාලව මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා ඇති තොරතුරු ඉදිරි දින දෙක තුළ යොමු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 October 2023
අධිකරණයේ ස්වාධීනත්වය ඉල්ලා විරෝධයක් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදුවූ මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාට යුක්තිය ඉටුකරණ ලෙසත් ඉල්ලා කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් අද(02) කිලිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරත වූහ. 02 October 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026