(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රියාදාමය විධිමත් කරන්නැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මේ අනුව පාර්ලිමේන්තු නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේදී ජ්‍යෙෂ්ඨත්වයට මෙන්ම අමතර අධ්‍යාපන සුදුසුකම් සහ විශේෂ හැකියාවන්ටද ප්‍රමුඛත්වය දැක්වීමට තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
පාර්ලිමේන්තුවේ මෙතෙක් උසස්වීම් පිරිනැමුණේ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන බව කියති. මේ අතර පාර්ලිමේන්තු නිලධාරීන් හා සේවකයන් සියයකට වැඩි පිරිසක් වයස හැට සම්පූර්ණ වීමෙන් පසුගිය කාලයේදී විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ පිරිසට මහලේකම් සහ වේත්‍රධාරී ඇතුළු ප්‍රධානීහු කිහිපදෙනෙක්ද ඇතුළත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආයතනයේ ඇතැම් අංශවල නිලධාරීන් වයසත් සමගම උසස් වීම් ලැබේ. තවත් සමහර අංශවල නිලධාරීන් කොතරම් ඉගෙන සුදුසුකම් ලැබුවත් වසර ගණනක් එකම මට්ටමේ රැදී සිටිති. විගණකාධිපති තුමාට එය නොපෙණුනිද?