(අංජුල මහික වීරරත්න)
රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් බෝග වර්ග 06ක් සඳහා නොමිලයේ කෘෂි රක්ෂණ ආවරණයක් ලබා දී තිබේ. වී, මිරිස්, ලොකුලූනු, අර්තාපල්, බඩඉරිඟු හා සෝයා එම බෝග වර්ගයි.
මෙම රක්ෂණාවරණය ලබා දී තිබෙන්නේ වන අලින්ගෙන් සිදුවන වගා හානි, නියඟය සහ අධික වැස්ස හේතුවෙන් ඇතිවන වගා හානි සඳහා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රතුලූනු වගාවේදී ඉහත කී කරුණු අනුව වගා හානි සිදු වන්නේ නම්, එම ගොවීන්ට ද නොමිලයේ වන්දි මුදලක් ලබා දීම සඳහා වගා රක්ෂණ බෝග අතරට රතුලූනු වගාව ද එකතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd