(යොහාන් භාසුර)
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන විලාසිතාවක් බවත් සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (12) පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය වසා දැමීම වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයාගෙන් විමසන බව කී වෛද්‍ය බෙල්ලන මහතා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඇතැයි කීවත් සාමාජිකයන් දෙන්නෙක්වත් නැති වෘත්තිය සමිතිත් ඇති බව ද සඳහන් කළේය.
එම වෘත්තීය සමිතිවල වැඳගත් අය නොමැති බව කී ඒ මහතා වැඩවර්ජනය කර මුළු රෝහල් පද්ධතියම වට්ටනවා යැයි ඔවුන් චන්ඩි වගේ හැසිරෙන බව ද පැවසීය.
එම වෘත්තිය සමිතිවල සිටින වෘත්තිකයන් රටට අවශ්‍ය නොමැති බවත් වෛද්‍ය, හෙද සහ කළමනාකරණ යන ක්ෂේත්‍ර රෝහලක් තුළ රාජ්‍ය සේවය යටතේ පැවතීම ප්‍රමාණවත් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දොස්තරලා වැඩවර්ජනය කරනකොට හොඳද? ඔය සැමගේ වැඩවර්ජන වලින් තැලෙන්නේ රටේ අහිංසක රෝගීන්. මතක තියාගන්න, ඕගොල්ලෝ ඔක්කොම වැඩවර්ජන කරනකොටත් රටේ ජනතාවගෙ බදු මුදලින් වැටුප් ගෙවන විත්තිය !!!