නිවෙස් අහිමි පිරිස සියයට 40 කින් වැඩිවෙලා ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය. 27 December 2023
ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි. 27 December 2023
ඉන්දීය විදේශ ඇමැති රුසියාවේ නිල සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 27 December 2023
‘ යුක්තිය’ මෙහෙයුම දින තුනකට පසු යළි අරඹයි මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්හි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ’’යුක්තිය’’ මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි. 27 December 2023
නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට කසකස්ථානයේ සිට නත්තල් සැමරීමට හා සංචාරයකට නත්තලදා මෙරටට පැමිණ සිටි විදේශිකයෙකු බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලී මියගිය බව බෙන්තොට පොලිසිය පැවසීය. 27 December 2023
නෙළුවේදී වෑන් දෙකක් ගැටී විදෙස් තරුණියක් මරුට විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ගිය වෑන් රථයක් තවත් වාහනය ගැටීමෙන් සිසු වූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 December 2023
ඝාතනයකට සූදානම්ව සිටි පාතාලයෙක් කටුනායකින් අල්ලයි පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී පොලිසිය ’යුක්තිය’ මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 27 December 2023
පහර දී දෙදරු පියා ඝාතනය කරලා ඇල්පිටිය ගොළුවාමුල්ල,මෛත්‍රිගම, මඩේමත්ත ප්‍රදේශයේදී පහරදීමකින් දෙදරු පියෙක් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 27 December 2023
නවක හෙදිය හදිසියේම මරුට කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක් ඊයේ (26 ) රාත්‍රී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය. 27 December 2023
පළාත් කිහිපයකට විටින් විට වැසි උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 December 2023
දේපොළ සොරුන්ට වෙඩි රත්මලාන ප්‍ර දේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපොළ සොරාගැනීමට පැමිණි සොරුන් තිදෙනකුට දුම්රිය ආරක්ෂක නිලධාරින් කළ වෙඩි තැබීමකින් ඊයේ (26) එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි. 27 December 2023
හීනකන්දේ සුන්දර වන අලිය විදුලි සැර වැදී මැදවච්චිය හීනකන්ද පළාත සුන්දර කළ වන අලියකු විදුලි සැර වද්දවා මරා දමා ඇතැයි කහටගස්දිගිලිය වන සත්ව අඩවි කාර්යාලය කියයි. 26 December 2023
මන්ත්‍රී විස්සක් රට සවාරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 26 December 2023
උදුලා දාබරේ දිවි රඟමඩලට සමු දෙයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවිය දිවි රඟමඩලට දහවල් සමුදුන්නාය. මිය යන විට ඇය 87 වන වියෙහි පසුවූවාය. 26 December 2023
පොලිසියට ඇඳුම් මසන්නා කුඩු සමග මාට්ටු කළුතර දිසාවේ පොලිස් නිලධාරින්ට සහ බන්ධනාගාර නිළධාරීන්ට නිළ ඇදුම් මැසූ ඇඳුම් මසන්නා හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි . 26 December 2023
ගලබඩ ඇල්ලට සිසුවෙක් බිලි ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක දිය නැමට ගිය පාසල් සිසුවකු දියේ ගිලි අද පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 26 December 2023
මැතිසභා ’’බස් පත’’ ජනවාරි 31 න් අහෝසියි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලයේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට දෙන බස් ගමන් බලපත ජනවාරි 31 වැනිදායින් පසු අහෝසි කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 26 December 2023
කෙහෙළියගේ ලියකියවිලි සී.අයි.ඩී බාරයට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන්නේය. 26 December 2023
‘ෆෙස්බුක්’ හරහා ඩුබායි රැකියා පෙන්වූ අයෙක් අල්ලයි ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කිරීමේ රැකියා දෙන්නේ යැයි ‘ෆෙස්බුක්’ සමාජ මාධ්‍ය ජාලයේ දැන්වීම් පළකළ පුද්ගලයෙක් මහනුවරදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. 26 December 2023
පාසලේ උපකරණ සොරාගත් සිසුන් දෙදෙනා අත්අඩංගුවට මුන්දලම සිංහල මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාල දෙකක උපකරණ රැසකට හානි කර ලක්ෂ අටකට ආසන්න උපකරණ හා මුදල් සොරා ගැනිමේ සිද්දියකට පාසලේම සිසුන් දෙදෙනෙකු මුන්දලම පොලිසිය අද( 26) සොරා ගත් උපකරණ රැසක් සමග අත් අඩංගුවට ගත් බව කියයි. 26 December 2023
මාතර හිරගෙදර ‘උණ’ සමනය වන ලකුණු උණ රෝගී තත්වයක් හේතුවෙන් කටයුතු සීමාකර ඇති මාතර බන්ධනාගාරය සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බවත් පසුගිය පැය 48 කාලය තුළ උණ රෝගීන් වාර්තා නොවූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි දිසානායක මහතා පැවසීය. 26 December 2023
බීමතින් ත්‍රීරෝද රිය පදවා අනතුරු දෙකක් කළ සැරයන් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව බීමතින් ත්‍රීරෝද රථයක් පදවා එය යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි. 26 December 2023
‘නව සේද මාවත’ වසර 10 ක් සපුරයි චීනය දියත් කර තිබෙන ‘මාවතක් - තීරයක්’ යන තේමාව යටතේ ‘නව සේද මාවත’ ආරම්භ කර වසර 10 ක් සම්පූර්ණ වන බවත් ලෝක ඉතිහාසය තුළ තනි රටක් මුළු ලෝකයම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කරන දැවැන්තම යටිතල පහසුකම් සහ සමාජ - ආර්ථික පහසුකම් සංවර්ධනය ව්‍යාපෘතිය බවත් ‘ආසියානු ප්‍රගති සංසදය’ පැවසීය. 26 December 2023
ජනපති කියන සුහුරු රටේ ඇති දේ සජිත් කියයි සුහුරු රටක් ගොඩනඟන බවට ජනාධිපතිවරයා පාම්පෝරි ගැසුවත් ඔහු කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 26 December 2023
බදුල්ලට විශේෂ දුම්රිය දෙකක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් හෙට (27)- සහ 29 යන දිනවල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 26 December 2023
ගල්නෑව පොලිසිය තුළ පොලිස් ගුටි කෙළියක් ගල්නෑව පොලිසියේ රථ වාහන අංශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමග බහින්බස්වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේම රාජකාරී කරමින් සිටී කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 26 December 2023
සංචාරක මඟ පෙන්වන්නා දුරකතන උස්සලා කොළඹ ප්‍රධානතම හෝටලයක සංචාරක මග පෙන්වන්නකු ලෙස සේවය කරමින් සිට ජංගම දුරකතන සොරකමේ යෙදුණු පුද්ගලයකු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජංගම දුරකතන සමගින් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 26 December 2023
’’මහින්දගේ සියයට 6.5 ගත්ත ඩොලර් කෝටි 100 රට බංකොලොත් කළා’’ ලංකාව බංකොලොත් වීමට හේතු වූයේ 2012 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් 6.5% අධික පොලියට ලබාගත් ඩොලර් කෝටි 100ක ණය මුදල බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 26 December 2023
සී අයි ඩී ය කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසට ගොස් ඔහුගෙන් අද (26) දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 26 December 2023
ජනපතිවරණයට එනවාද? නැද්ද? ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතැයි තමා කොතැනකවත් කියා නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබේ. 26 December 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026