IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති සමාජ සාධාරණත්වය කණපිට හරවලා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය කනපිට හරවමින් විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්නැයි ආරාධනා කිරීම විහිලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සම්මත කරගත් ඔන්ලයින් පනත යටතේ  ගනු ලබන නීති ක්‍රියාමාර්ග වල කිසිදු  වලංගු භාවයක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ප්‍රථම අත්අඩංගුවට ගැනීම  සිදු වූ කී පීරිස් මහතා මැතිවරණ ඉලක්ක කර ගනිමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා මෙම පනත ආණ්ඩුව විසින් ගෙන ආ බව සඳහන් කළේය.

කොළඹ දී  මාධ්‍ය  හමුවකට සහභාගී වෙමින් මහාචාර්ය පීරිස් මහතා මෙි බව කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩල යෝජනා වලට විපක්ෂයේ යෝජනා ලබා නොගෙන එවා කුණු කූඩයට දැමු බව කී මන්ත්‍රීවරයා රජයේ වංචා දූෂණ තවත් ඉහල ගොස් තිබෙන්නේ යැයි සඳහන් කළේය.



අදහස් (4)

ජනාධිපති සමාජ සාධාරණත්වය කණපිට හරවලා

පිටරටවැසියා Monday, 12 February 2024 12:45 PM

විපක්ෂයට ආණ්ඩුවට එකතුවෙන්න බැරි මොකද මහත්තයෝ? ඔබතුමා උප කුලපති වෙලා හිටපු කාලෙදී හිටපු ශිෂ්‍ය සංගම් සභාපති, ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ ලේකම් තනතුරකින් පිදුම් ලබා එකමග ගියේ හා නැද්ද?

:       1       9

HafeelMonday, 12 February 2024 01:22 PM

ඇත්තටම කියනවා නම්, දැනට ආණ්ඩු පක්ෂය කව්ද? විපක්ෂය කව්ද හෝ කියලා කියන්න බැරි තරමට පාර්ලිමේන්තුව අච්චාරු වගේ... මිශ්‍ර පක්ෂය වගේ වෙලා. හැබැයි මාලිමාවේ මන්ත්‍රීලා පමණයි... අවංකයි....

:       0       4

abaran Monday, 12 February 2024 02:50 PM

1994 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියා. කරපු කිසිම ඵලදායි වැඩක් තියෙනවාද? පාර්ලිමේන්තුවට ගෙනාපු හැම පනතකටම අත ඉස්සුවා. කාලයක් චන්ද්‍රිකා සමග.... ඉන්පසුව රනිල් ළඟ. ඉන් පසුව මහින්ද ළඟ. ඊළඟට ගෝඨා ළඟ. දැන් සජිත් ළඟ. ඉතින් කොහේද උන්නැහේ ඔහෙට ප්‍රතිපත්තියක්. ඔහේ වී විද්‍යාලයක හිටපු මහාචාර්ය වරයෙක් වෙන්න ඇති. නමුත් දේශපාලනයේදී කිසිදු ප්‍රතිපත්තියක් නැති කුණුවී ඕජස් ගලන චරිතයක් විතරයි. මේවගේ අය ඊළඟ ඡන්දෙදී අනිවාර්යයෙන්ම ගෙදර තැබිය යුතුයි...!

:       0       4

සකලසිරි පීරිස් Monday, 12 February 2024 06:51 PM

මට මහළු වයසේ... හැකිය ඇමැතිකම් ඉස්සරට වඩා හොඳිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site