IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි

ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මුදාගත් බව ඊශ්‍රායල හමුදාව පැවැසීය.

ඊශ්‍රායල හමුදාවට අනුව, ඔවුන්ට මුදා ගැනීමට හැකිවූයේ, 60 හැවිරිදි සයිමන් මාර්මන් සහ 70 හැවිරිදි ලුවිස් හාර්ය. හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගියේ, මීට දින 128 කට පෙර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය.

ඊශ්‍රායල හමුදා, මේ වනවිට, දිගින් දිගටම රෆා නුවරට පහර දෙයි. ඒ, රෆා නුවර ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලා ඇති අවස්ථාවකය.

එසේ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 53 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන පාලන අධිකාරිය පැවැසීය. එසේ ජීවිතක්ෂයට පත්වුණු පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ. රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 100 කට වැඩිය.



අදහස් (2)

රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි

චන්දන Monday, 12 February 2024 03:11 PM

මේ ප්‍රහාර වලින් මැරුණු සාමාන්‍ය වැසියන් ගණන් කියනවා හැරෙන්න මෙච්චර හමාස්වරු මැරුණා කියලා ස්ථිර කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ හමාස්වරු බහුතරයක් ආරක්ෂිතයි...

:       1       32

Bamunuarachchi Tuesday, 13 February 2024 09:20 AM

චන්දන ලංකාවේ එල්ටීටීඊ කාරයෝ වගේ තමයි. තුවක්කුව අතට ගත්තොත් එල්ටීටීඊ ත්‍රස්තය. තුවක්කුව පැත්තකින් තියලා කුඹුරට බැස්සොත් දෙමළ අහිංසක ගොවියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site