IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගසට මුත්‍ර කළැයි පොලිසියේ 6ක් අයි.පී.ට නෙළලා

බම්බලපිටිය පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ ප්‍රධාන ගේට්ටුව  අසල ගසකට මුත්‍ර කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට තදබල ලෙස  පහර දුන්නේ යැයි කියමින් පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිල්ලක් සිදු කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

හය දෙනෙකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් තමන්ට වට කරගෙන තදබල ලෙස පහර දුන් බවත් ඔවුන් අතර ඉහළ පොලිස් නිලධාරියකු ද සිටි බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ඉහළ නිලධාරියා තමන්ට තදබල ලෙස දෝෂරෝපණය කළ බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම නිලධාරියා සදහන් කළේය.

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ භෝජනාගාරයට කමාලේ මාමා සමඟ ඉකුත් 9 වැනිදා රාත්‍රියේ පැමිණ ආහාර ගෙන පිටතට පැමිණ භොඩනාගාරයේ ගසක් යටට ගොස් මුත්‍ර කිරිමට සුදානම් වු බව මෙම පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.



අදහස් (4)

ගසට මුත්‍ර කළැයි පොලිසියේ 6ක් අයි.පී.ට නෙළලා

abaran Monday, 12 February 2024 01:41 PM

අපේ පොලිසියේ ලොකු පොඩි අයගෙන් බහුතරයක්ම ප්‍රශ්න විසඳන්න හදන්නේ අතින් පයින් මිසක් මොලෙන් නෙවෙයි. පොලිසිය මහජනතාවගේ ප්‍රසාදයට පත්වෙනවා.... වෙනුවට සීඝ්‍රෙලස අප්‍රසාදයට පත්වෙන්නේ මෙන්න මේ කරුණ තදබල ලෙසම බලපානවා. පොලිසියේ වැරැදි සොයා ක්ෂණිකවම දඬුවම් දෙන බලගතු යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්නේ නම් දියුණු රටවල මෙන් වෘත්තිය පොලිස් සේවයක් අපටත් ලැබේවි...!

:       2       34

samMonday, 12 February 2024 02:06 PM

අහිංසක මිනිහෙකුගේ රහස් ප්‍රදේශයේ සිද්ධාලේප ගාලා වද දීලා මහාධිකරණයෙන් දඬුවම් ලබාපු කෙනෙක් පොලිසියේ ලොක්කා වෙලා ඉන්දැද්දී, පහල නිලධාරීන් ගැන කුමන කතාද?

:       2       54

ravin Monday, 12 February 2024 02:10 PM

පොලිසියේ නීතිය පොලිසිය්ටා බලපාන්නේ නැතිද ?පොදු ජනයාගෙන් කීදෙනෙක් පොදු ස්ථානවලදී මුත්‍රා කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරලා තියනවද ?ආහාර ගැනීමට භෝජනාගාරයට ගියානම් භෝජනාගාරයේ වැසිකිලි නැතිද ?නීතිය දන්නා කෙනා නීතිය බිඳිනවා නම් අවනීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද ?

:       4       24

චන්දන Monday, 12 February 2024 03:14 PM

මම නම් මේ පහර දීමේ වැරැද්දක් දකින්නේ නැහැ. භෝජනාගරය ඉස්සරහා තියෙන ගහකට මුත්‍රා කරන්නේ බල්ලොනේ. ඕකෙ ටොයිලට් නැත්ද? මොකක්ද මේ පොලිසියේ තියෙන විනය? ප්‍රසිද්ධියේ කකුල උස්සන ජාතියේ අය පොලීසියට මොකටද?

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site