සාදය මරණයෙන් අවසන් වෙයි වැලිකඩ වල්පොළ විජිත පුර මාවතේ පැවැත්වූ නත්තල් සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි. 26 December 2023
නවාතැන් පොළට ආ පුද්ගලයා මරුට කාන්තාව පලායයි බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ නවාතැන්පොළකට කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි 26 December 2023
රිය අනතුරින් පාපැදිකරු මරුට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන පෑලියගොඩ එෆ්. එම්. හන්දිය අසලදි කැබ්රථයක් පා පැදිකරුවන් දෙදෙනකුගේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී එක් පැදිකරුවකු මියගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි. 26 December 2023
වාලම්පුරි හතරක් සමඟ අයෙක් මාට්ටු මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් තුල සඟවාගෙන සිටි රුපියල් කෝටියකට අධික වටිනා වාලම්පුරි 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි. 26 December 2023
‘කොවිඩ්’ රෝගීන් හදුනාගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නෑ ‘කොවිඩ්’ රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කිරීමට රෝහල් මට්ටමින් මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රමය පිළිබඳව සෑහීමකට පත්නොවන බවත් රෝහල්වලට පැමිණෙන ‘කොවිඩ්’ රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරු කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් පිළිබඳව පරීක්ෂණ කිරීමේ පහසුකම් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 26 December 2023
එජාපය ජනපතිවරණ සටන අරඹයි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි 19 දා සිට රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 26 December 2023
ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ප්‍රමාණය වැඩි කිරීම අවදානමක් කුඩා දරුවන්, ගැබිණි සහ කිරිදෙන මව්වරු පෝෂ්‍යදායක ආහාරයක් ලෙස ආහාරයට ගන්නා ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවත් ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය. 26 December 2023
විදේශගත පාතාලයන් 30 ක් අත්අඩංගුවට ගෙන ගේනවා විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 26 December 2023
කලා අයිතීන් රකින්න නව නීතියක් කලා නිර්මාණ ආරක්ෂා කරන නීති කෙටුම්පත සැකසීම සඳහා කලාකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 26 December 2023
අම්පාරට කුඩු බෙදන්නා අල්ලයි අම්පාර ප්‍රදේශයට කුඩු බෙදා හරින බවට සැකකරන පුද්ගලයකු කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 26 December 2023
මත් පෙති සමඟ අයෙක් අල්ලයි නීති විරෝධී මත්පෙති ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මත්පෙති 1,000 ක් සමග පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 26 December 2023
මාස 11 බිළිදා ඩෙංගු මාරයාට බිලි ඩෙංගු උණ වැළදී අසාධ්‍යව සිටි මාස 11 බිළිදෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල පවසයි. 26 December 2023
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරියෙක් මරුට ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, තම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 December 2023
බදුල්ල අලුත් වැඩක් පටන් ගනී බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් ලෙස 2024 ජනවාරි පළමු වැනිදා සිට නම් කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 26 December 2023
සාදයේදී පහර කෑ කොස්තාපල් රෝහලෙන් පැනගිහින් දළුව - නිර්මලපුර ප්‍රදේශයේ නත්තල් සාදයක් අතර තුර ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් පලා ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි. 26 December 2023
පොලීසිය කියා කොල්ල කාලා වනාතවිල්ළුව එළුවන්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකුව පැහැර ගෙන ගොස් ඔහුට පහර දී එම අය සතුව තිබූ මුදල් සහ ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන කණ්ඩායමක සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි. 26 December 2023
නත්තල් සාදය මරණයකින් කෙළවර වෙයි වැලිකඩ වල්පොල විජිත පුර ප්‍රදේශයේ නිවසක ඊයේ (25) පස්වරුවේ නත්තල වෙනුවෙන් පැවතී මත්පැන් සාදයක් අතරතුර පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව වැලිකඩ පොලිසිය පවසයි. 26 December 2023
ලීබඩු පෙන්නා සිසුනට තූල් බෙදලා හොරෝපතාන නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානමින් තිබූ තූල් නැමැති මත්කුඩු කිලෝ 2 මිලිග්‍රෑම් 100 ක් සමග ලී බඩු වෙළෙඳහල් හිමියකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 26 December 2023
කළුතර රැඳවියකු පහර කා මිය ගිහින් කළුතර බන්ධනාගාරයේ රදවා සිටී රැදවියකු පහරදීමක් හේතුවෙන් අද අළුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 26 December 2023
සිරිපා වන්දනා සමය ඇරැඹේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිමෙන් පසු උදුවප් පොහෝය වඋ අද දින සිට සිරිපා වන්දානා සමය ආරම්භ විය. 26 December 2023
සුනාමි සැමරුම පැරෑලියේදී ජාතික සුරක්ෂිත දිනය අදට(26) යෙදී ඇත. ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 19කි. 26 December 2023
අද වහින පළාත් කීපයක් ගැන කියයි දිවයිනේ උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 December 2023
උදුවප් පොහෝය අදයි උදුවප් පොහොය අදයි උදුවප් පොහොය වසරේ අවසන් පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ උදුවප් පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි. 26 December 2023
ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය. 26 December 2023
නයිජීරියාවේ ප්‍රහාර මාලාවක් මධ්‍යම නයිජීරියාවේ නගර රැසකට කඩා වැදුණු සන්නද්ධ කල්ලි සාමාජිකයටන් පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරවලට හමුවී තුවාල ලැබූ ගණන 300 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතර සිටින බව නයිජීරියා ආරක්ෂක අංශ පවසයි. 26 December 2023
අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා සිර දඬුවම් විඳිමින් සිටියදී අතුරුදන් වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යහතින් සිටින බවත්, බන්ධනාගාර බලධාරීන් ඔහු ආක්ටික් කලාපයේ රුසියාවට අයත් වෙනත් බන්ධනාගාරයට මාරු කර ඇති බවත් නෙවල්නිගේ නීතීඥවරු පවසති. 26 December 2023
හමාස් සටන්කාමීන්ට එරෙහි සටන දැන්ම අවසන් වෙන්නේ නෑ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 26 December 2023
කොරෝනා අලුත් රැල්ලෙන් ලංකාවට අවදානම අඩුයි කොව්ඩ් ඔමික්‍රොන් ජේ.එන් 1 උප ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවට වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතාම අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 25 December 2023
අධිවේගය අධිවේගයෙන් කෝටි නවයක් උපයලා සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ග පසුගිය 22 වැනිදා සිකුරාදා සහ 23 වැනිදා සෙනසුරාදා රුපියල් කෝටි 9 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 25 December 2023
නත්තල් දා පල්ලියෙන් පන්සලට තෑගි නත්තල් උදාවත් සමග පානදුර වික්ෂෝපමාතා දෙව්මැදුරේ ප්‍රධාන පියතුමන් ප්රමුඛ පියතුමන්ලා නත්තල් භෝජන ද රැගෙන පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණියහ. 25 December 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026