(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු උපක්‍රමශීලීව නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි අඹු සැමි යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී වසර 33කට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුනේ වඩු ආරච්චිගේ අමරසිරි යන අයයි
අත්අඩංගුවට ගත් සැකකාරිය එවකට ඝාතනයට ලක් වූ ඉංජිනේරුවරයා සිටි කාර්යාලයේ ඉංග්‍රීසි ලගු ලේඛිකාවක් ලෙස කටයුතු කර ඇති අතර දෙදෙනා අතර අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි
ඒ සම්බන්ධයෙන් සැකකාර ලගු ලේඛිකාවගේ ස්වාමිපුරුෂයා වන දැනට අතුරුදන්ව සිටින සැකකරුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව සැකකාරිය ලවා ඉංජිනේරුවරයාව 1989 ජනවාරි 13 වෙනි දින ඔවුන් පදිංචිව සිටි අතුරුගිරිය වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවත නිවසට උපක්‍රමශීලීව ගෙන්වාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
අනතුරුව සැකකාර අඹුසැබි යුවළ එක්ව ඉංජිනේරුවරයාට පහරදී ඝාතනය කර ශරීරයේ කොටස් කර බැරලයකට බහා ඔවුන්ගේ වත්තේ පාළු ළිඳකට දමා වසා දමා තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd