(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය මාගස්තොට කටුමානේ  දොලොස් හැවිරිදි දරුවෙක‍්  නිවස අසල කුඩා ගසක රෙදි කැබැල්ලක් බැඳ සෙල්ලම් කරමින් සිටියදී එම රෙදි කැබැල්ලට ගෙල සිරවීමේන් එම ස්තානයේම මිය ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි

ශිවකුමාර් දිලක්ෂන් (12) නම් පාසල් සිසුවෙක්  මෙසේ මියගොස් තිබේ.

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා මෙලෙස මියගොස් ඇති අතර මෙම දරුවාට අමතරව ගැහැණු දරුවන් දෙදෙනෙකු මෙම පවුලේ සිතිටි.

නිවස තුළ සිටි මව සෙල්ලම් කිරීමට ගොස් නිවසට නොපැමිණි තම දරුවා පිළිබඳ සොයා බැලීමේදී මෙම සිදුවීම දැක තිබේ.