(සන්ඩේ ටයිම්ස්)
සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට(13) සිට වැඩි වනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
දීමනා වැඩිවීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් පළමු අදියරේ වැඩිවීම මාස හයක කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවත් එම මාස හය අවසන් වූ පසු දෙවන අදියර ඊළඟ මාස හයක කාලය තුළදී ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවැසුවේය.දෙවන අදියරේදී පළමු මාස හය සඳහා හිඟ දීමනාද සමඟ ඉහළ දීමනාවක් පොලිස් නිලධාරීන් වෙත ලැබෙනු ඇතැයි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
පොලිස් කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලය දක්වා රුපියල් 2,340 ත් 4,230 ත් අතර දීමනාවේ වැඩිවීමක් ලැබෙනු ඇති බවත් උප පොලිස් පරීක්ෂක සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලයන්ට රුපියල් 3,060ත් රුපියල් 4,320ත් අතර වැඩිවීමක් ලැබෙනු ඇති බවත් ඔහු පැවැසුවේය.එසේම සහකාර පොලිස් අධිකාරීවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා එම වැඩිවීම රුපියල් 4140 ක් බවද ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන ආහාර සහ නවාතැන් දීමනාව රුපියල් 18,930 සිට රුපියල් 25,140 දක්වා පරාසයක පවතිනු ඇති බවද ඔහු පැවැසුවේය.දීමනා වැඩි වීම පසුගිය මාසයේ සිට වැඩි වීමට නියමිතව තිබුනත් භාණ්ඩාගාරය අරමුදල් නිදහස් කිරිමවට ප්‍රමාද වූ බැවින් එය සිදු කිරීමට නොහැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියකු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් භාණ්ඩාගාරය අරමුදල් නිදහස් කරන තුරු පළමු අදියරේ දීමනා වැඩිවීම පොලිස් අරමුදලෙන් ලබා දීමට පොලිසිය තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව දැන් පරිස්සම් වන්න. මොකද දැන් බඩපිරෙන්න කන්න දෙනකොට ස්වාමියට. හරි ආදරෙයි චන්දය ලන්වෙනකොට රටේ සේසතම බෙදනවා. හැම කාලකන්නිය ම එහෙමයි. ජනතාවට පුලුවන්තරම් දස වදදීලා. චන්දේ ලංවෙනකොට බෙදන්න ගන්නවා. පුලුවන් තරම් අරගන මුන්ව එලවන්න ඕන අන්තිම මොහොතෙදි
බලන්නකෝ මේ වැට් සල්ලි වලින් කරන්න තියෙන දේවල් නේද?