
(යොහාන් භාසුර)
සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
පළමු තරගයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට තරගාවලියේ ඉතිරි තරග අහිමිවූ අතර එම ස්ථානයට සංචිතයට කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම තරගයට ක්‍රීඩා කරයි.
ඇෆ්ගනිස්තානු පිලේ වෙනස්කමක් කරමින් නූර් අහමඩ්ගේ ස්ථානයට කුයිස් අහමඩ් මෙම තරගයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්තානු කණ්ඩායම:
රමනුල්ලා ගුර්බාෂ්, ඊබ්‍රහිම් ශද්‍රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, ඉක්‍රම් අලිකිල්, අස්මතුල්ලා ඔමල්ෂායි, ගුල්බඩීන් නබී, මොහොමඩ් නබී, කුයිස් අහමඩ්, ශසහක් ෆාරුක් සහ ෆරීඩ් අහමඩ්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd