(සුජිත් හේවාජුලිගේ )
බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා එම මැතිවරණය ආසන්නයේ නම් කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති අපේක්ෂකයා කල් තියා නම් කර මැතිවරණ වැඩපිළිවෙල ආරම්භ කළහොත් එම වැඩපිළිවෙළ ගෙනයාමට විශාල මුදලක් වැය වන බව පෙනී ගොස් ඇතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
එලෙස කටයුතු කිරීමට වෙනත් පක්ෂවලට මෙන් තම පක්ෂයට මුදල් නැතැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයට යෝජනා ගණනාවක් දැනටමත් ලැබී ඇතැයි සඳහන් කළ කාරියවසම් මහතා එම යෝජනා මේ දිනවල සලකා බලාගෙන යන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහරියක් ඉන්නේ රටම කාපු හොර දූෂිතයෝ. හරිහමන් එකෙක් හොයාගන්න බැරුව ඇති. ජනතාව පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා හමාරයි..
පොල් පිත්තක් තමයි මේ පාර නම් දාන්න වෙන්නේ
කවුරු දැම්මත් ඉතින් ප්‍රතිඵලය එකයි...!
මහලොකු පක්ෂයක් කියලා මොරදෙන මහත්තයෝ මැතිවරණ කටේදී අපේක්ෂක දෙනවා කියන්නේ ජනාධිපතිවරණය සඳහා කිසිම සුදුස්සෙක් ඔයැයිගේ පක්ෂයේ නැති නිසා කියලා අපිට හිතෙනවා මහලොකුවට 2019 සුදුසුම කෙනා කියලා ගෙනා කෙනාටත් අන්තම කෙනෙක් තමයි දැන් ඉතිරිවෙලා ඇත්තේ නේද?
බංකොළොත් දේශපාලන පක්ෂයක් වෙලා තියෙන්නේ... ඒකයි හේතුව.